AFC Banner
Empty Ad
Empty Ad

නාන කාමරයේ ඇදවැටී හිටපු අමාත්‍යවරයෙකු අවසන් ගමන් යයි

හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඒ මහතා ඊයේ (10) පස්වරුවේ අභාවප්‍රාප්ත වී ඇත්තේ සිය නිවසේ නාන කාමරයේ ඇද වැටීමෙන් බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

හිටපු අමාත්‍යවරයා එක්සත් ජාතික පක්ෂයේ හිටපු අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායකවරයා ද වනවා.

මියයන විට ඒ මහතා පසුවූයේ 76 වැනි වියෙහි යි.

හෙතෙම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රජය යටතේ ද අමාත්‍ය ධුරයක් හෙබවූ අයෙක්.

ඒකනායක මහතා දියවැඩියාව රෝගයෙන් පෙලුණු පුද්ගලයෙකු වූ බවත් අමාත්‍යවරයාට අවශ්‍ය ආහාර පාන, බෙහෙත් ලබා දෙමින් නිවසේ කටයුතු කළ පුද්ගලයකු, රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා යාපනය ශික්ෂණ රෝහලට ගොස් ඇති අතර, මෙම මරණය සිදුවන අවස්ථාවේ දී ඒ මහතා පමණක් නිවසේ සිට ඇති බව පොලිසිය පවසනවා.

මෙම මරණය සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණය, අනුරාධපුර නාගරික සහ මධ්‍යම නුවරගම් පළාත් හදිසි නාගරික මරණ පරීක්ෂක ජේ. එම්. ජයතිලක මහතා විසින් සිදු කරනු ලැබුවා.

පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත යොමු කරන ලෙසටයි නියෝග කෙරුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?