නාන කාමරයට ගිහින් නිදහසේ නාන විධායක නියෝගයට ට්‍රම්ප් අත්සන් තබයි

ඇමරිකානුවන්ට නිදහසේ ස්නානය කිරීමට නොහැකිවන අයුරින් පනවා තිබූ සීමාවන් අවලංගු කිරීමට ඩොනල්ඩ් ට්‍රම්ප් ජනධිපතිවරයා පසුගිය දා කටයුතු කර තිබෙනවා.

ඒ, ෂවර් හෙඩ් සඳහා ජල ප්‍රවාහය සීමා කරන නීති ලිහිල් කිරීම අරමුණු කරගත් විධායක නියෝගයකට අත්සන් කරමින්.

ඔහුට දිගු කලක් තිස්සේ ඇමරිකානුවන්ගෙන් ලැබුණු පැමිණිලි සැලකිල්ලට ගෙන මෙම විධායක නියෝගයකට අත්සන් තබා ඇති බවයි වාර්තා වන්නේ.

මෙම නියෝගයෙන්, ෂවර් හෙඩ් හරහා ගලා යාමට අවසර දී තිබූ මිනිත්තුවකට ගැලුම් ගණන සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරුන් වන බැරැක් ඔබාමා සහ ජෝ බයිඩන් යටතේ පනවා තිබූ සීමාවන් අවලංගු කර තිබෙනවා.

නාන කාමරවලට ලැබෙන ජල පීඩනය අවම කිරීමට නීති ඔබාමා සහ බයිඩන් පරිපාලන සමයේදී සකස්කර ඇති අතර, ජල සංරක්ෂණ නීති ඊට හේතු වී තිබෙනවා.

ට්‍රම්ප් විසින් අත්සන් තැබූ විධායක නියෝගයට අනුව මෙම ජල සංරක්ෂණ නීති වෙනස් වනු ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

“මම හරි ආසයි මගේ කාණ්ඩේ ලස්සනට තියා ගන්න. හොඳ වතුර පීඩනයක් නැතිව මට ස්නානය කිරීම ගැටලුවක්. මට පමණක් නොවෙයි, මං දන්නවා හැම ඇමරිකානුවන්ට ඒක ගැටලුවක්. ඉතිං නාන්න යද්දී හොඳ ජල පීඩනයක් අවශ්‍යයි. ඉක්මණින් ජලය ලැබීම අවශ්‍යයි. මම ෂවර් හෙඩ් එක යට විනාඩි 15ක් සිටගෙන එය තෙත් වන තුරු සිටිනවා. එය බිංදු, බිංදු, බිංදු ලෙස පිටතට පැමිනෙන්නේ එය හාස්‍යජනකයි.” යනුවෙන් මෙම විධායක නියෝගයකට අත්සන් තබමින් ට්‍රම්ප් පවසා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
8
+1
0
+1
1
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37
Video thumbnail
විපතට පත්වූවන්ට පිහිටවෙන්න "අප්පච්චි" එයි.."අප්පච්චි බුදුවෙන්න ඕනේ මිහිපිටට දිව්‍ය පුත්‍රයෙක්"
06:42
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.19
00:00


?