නානුඔය ප්‍රදේශයේ මාරක රිය අනතුරක් – 7ක් මරුට – 51ක් රෝහලේ

නානුඔය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් 7 දෙනෙකු මියගොස් තවත් 50කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා.

අද රාත්‍රී මෙම අනතුර සිදුව ඇත්තේ බස් රථයක් සහ වෑන් රථයක් ගැටීමෙන් බවයි වාර්තා වන්නේ.

කොළඹ පිරිමි පාසලක සිසුන් පිරිසක් රැගෙන අධ්‍යාපන චාරිකාවක ගිය බස් රථයක් සහ විනෝද චාරිකාවක ගිය තවත් වෑන් රථයක් ගැටීමෙන් අද පස්වරුවේ මෙම අනතුර සිදුවී ඇති බවටයි වාර්තා වන්නේ.

බෑවුම් සහිත මාර්ගයක ගමන් කරමින් සිටි අවස්ථාවේ බස් රථයේ තිරිංග ක්‍රියා විරහිත වීම හේතුවෙන් අනතුර සිදුව ඇති බව ද වාර්තා වනවා.

මෙම අනතුරින් පුද්ගලයන් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඔවුන් වෑන් රථයේ ගමන් කළ පිරිසක් බවටයි පැවසෙන්නේ. පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව තුවාලකරුවන් රෝහල් ගත කෙරෙමින් පවතිනවා.

බස් රථය ප්‍රපාතයකට පෙරළී ඇති අතර අනතුරින් බස් රථයේ ගමන් කළ ළමුන්ට හානියක් නොමැති බව ද සඳහන්.

මෙම බස් රථයේ තිරිංග ක්‍රියා විරහිත වීම හේතුවෙන් එය ත්‍රී රෝද රථයක සහ වෑන් රථයේ ගැටී ප්‍රපාතයකට පෙරළී ඇති බවටයි මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

බස් රථයේ ගමන් කළ සිසුන් කිසිවෙකුටත් බරපතල තුවාල සිදුවී නොමැති අතර 51 දෙනෙකු අනතුරින් තුවාල ලබා නුවරඑළිය රෝහලට ඇතුලත් කර ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21
Video thumbnail
හිස තෙල් ගාන්න පන්සල් ආපු අලියා - අන්තිමට හාමුදුරුවන්ටත් වැඳලා යන්නේ
00:59

?