නානුඔය ප්‍රදේශයේ මාරක රිය අනතුරක් – 7ක් මරුට – 51ක් රෝහලේ

නානුඔය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් 7 දෙනෙකු මියගොස් තවත් 50කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා.

අද රාත්‍රී මෙම අනතුර සිදුව ඇත්තේ බස් රථයක් සහ වෑන් රථයක් ගැටීමෙන් බවයි වාර්තා වන්නේ.

කොළඹ පිරිමි පාසලක සිසුන් පිරිසක් රැගෙන අධ්‍යාපන චාරිකාවක ගිය බස් රථයක් සහ විනෝද චාරිකාවක ගිය තවත් වෑන් රථයක් ගැටීමෙන් අද පස්වරුවේ මෙම අනතුර සිදුවී ඇති බවටයි වාර්තා වන්නේ.

බෑවුම් සහිත මාර්ගයක ගමන් කරමින් සිටි අවස්ථාවේ බස් රථයේ තිරිංග ක්‍රියා විරහිත වීම හේතුවෙන් අනතුර සිදුව ඇති බව ද වාර්තා වනවා.

මෙම අනතුරින් පුද්ගලයන් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඔවුන් වෑන් රථයේ ගමන් කළ පිරිසක් බවටයි පැවසෙන්නේ. පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව තුවාලකරුවන් රෝහල් ගත කෙරෙමින් පවතිනවා.

බස් රථය ප්‍රපාතයකට පෙරළී ඇති අතර අනතුරින් බස් රථයේ ගමන් කළ ළමුන්ට හානියක් නොමැති බව ද සඳහන්.

මෙම බස් රථයේ තිරිංග ක්‍රියා විරහිත වීම හේතුවෙන් එය ත්‍රී රෝද රථයක සහ වෑන් රථයේ ගැටී ප්‍රපාතයකට පෙරළී ඇති බවටයි මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

බස් රථයේ ගමන් කළ සිසුන් කිසිවෙකුටත් බරපතල තුවාල සිදුවී නොමැති අතර 51 දෙනෙකු අනතුරින් තුවාල ලබා නුවරඑළිය රෝහලට ඇතුලත් කර ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32