AFC Banner
Empty Ad
Empty Ad

නව සෞඛ්‍ය මාර්ගෝපදේශමාලාවක් නිකුත් කෙරේ

නොවැම්බර් 01වනදා සිට අනුගමනය කළ යුතු නව සෞඛ්‍ය මාර්ගෝපදේශමාලාවක් නිකුත් කර තිබෙනවා. ඒ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින්. ක්‍රියාකාරකම් 25කට අදාලව එම සෞඛ්‍ය මාර්ගෝපදේශමාලාව නිකුත් කර තිබෙනවා.

ඒ අනුව සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සිසුන් සඳහා පාසල් ආරම්භ කිරීමට මෙන්ම උපකාරක පංති ආරම්භ කිරීමටද අනුමැතිය ලබා දුන් බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ. දිවයිනේ සියලුම පාසල්වල 10, 11, 12 සහ 13 ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු නොවැම්බර් 08වනදා සිට යළි ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

සෞඛ්‍ය නිර්දේශ ලද වහාම 06 ශ්‍රේණියේ සිට 09 ශ්‍රේණිය දක්වා අධ්‍යයන කටයුතු ආරම්භ කරන දිනය ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහනුවරදී මෙලෙස අදහස් පළ කළා.

මේ අතර නොවැම්බර් 16වනදා සිට උපකාරක පංති ආරම්භ කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන අනුමැතිය ලබා දී තිබෙනවා. ඒ, සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ උපකාරක පංති සඳහායි. සියයට 50ක උපරිම ධාරිතාවයකින් යුක්තව එම උපකාරක පංති පැවැත්විය හැකි බවයි අද නිකුත් කෙරුණු සෞඛ්‍ය මාර්ගෝපදේශවල දැක්වෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?