නව සෞඛ්‍ය මාර්ගෝපදේශමාලාවක් නිකුත් කෙරේ

නොවැම්බර් 01වනදා සිට අනුගමනය කළ යුතු නව සෞඛ්‍ය මාර්ගෝපදේශමාලාවක් නිකුත් කර තිබෙනවා. ඒ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින්. ක්‍රියාකාරකම් 25කට අදාලව එම සෞඛ්‍ය මාර්ගෝපදේශමාලාව නිකුත් කර තිබෙනවා.

ඒ අනුව සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සිසුන් සඳහා පාසල් ආරම්භ කිරීමට මෙන්ම උපකාරක පංති ආරම්භ කිරීමටද අනුමැතිය ලබා දුන් බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ. දිවයිනේ සියලුම පාසල්වල 10, 11, 12 සහ 13 ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු නොවැම්බර් 08වනදා සිට යළි ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

සෞඛ්‍ය නිර්දේශ ලද වහාම 06 ශ්‍රේණියේ සිට 09 ශ්‍රේණිය දක්වා අධ්‍යයන කටයුතු ආරම්භ කරන දිනය ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහනුවරදී මෙලෙස අදහස් පළ කළා.

මේ අතර නොවැම්බර් 16වනදා සිට උපකාරක පංති ආරම්භ කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන අනුමැතිය ලබා දී තිබෙනවා. ඒ, සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ උපකාරක පංති සඳහායි. සියයට 50ක උපරිම ධාරිතාවයකින් යුක්තව එම උපකාරක පංති පැවැත්විය හැකි බවයි අද නිකුත් කෙරුණු සෞඛ්‍ය මාර්ගෝපදේශවල දැක්වෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති හදුන්නෙත්තිගේ ඉල්ලීමට අකුරැස්ස රෝහලට පෞද්ගලික පරිත්‍යාග රැසක්.."මෙට්ට ඔක්කොම අයින් කරන්න වෙයි"
04:34
Video thumbnail
කාලගුණය ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්..බොහෝ ප්‍රදේශවලට අදත් තද වැසි
02:35
Video thumbnail
ගම්පහට ගංවතුර - මෙන්න නවතම තත්ත්වය..බොහෝ ප්‍රදේශ තවමත් ජලයෙන් යටවෙලා
02:26
Video thumbnail
අපිට බොරු පොරොන්දු දුන්නා - පොහොර ගැටලුව නිසා ගොවීන්ට යකා නගියි
05:29
Video thumbnail
සරුවට වැඩුණු ලක්ෂ විස්සකට අධික වටිනාකමකින් යුත් ගංජා අළු කළ මෙහෙයුම
01:28
Video thumbnail
සැවොම බිය ගැන්වූ වනවාසල දුම්රිය පීලි පැනීම..බිහිසුණු අනතුරේ නවතම දර්ශන
01:41
Video thumbnail
අන්තරේ සෙට් එක චිත්‍රපටි බල බල මල්වානේ නිවසේ ගත්ත fun එක කොහොමද ?
01:12
Video thumbnail
🔴වත්මන් කාලගුණ තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය සාකච්ඡාව..
26:26
Video thumbnail
මහින්දගේ කාලයේ හදපු පාලමක්.."අපේ ඇදේ තියෙන්නේ මීට වඩා හොඳ ලී"මේ පාලම දිරලා
03:17
Video thumbnail
සනත් නිශාන්තගේ සොහොයුරා හැඬූ කඳුලින් වසර පහ හමාරකට සිපිරිගෙට ගිය හැටි
01:16