AFC Banner
AFC Banner
Empty Ad

නව ව්‍යවාසායකයින් ලක්ෂ 10ක් බිහි කිරිමට සජිත් සුදානමින්

නව ව්‍යවාසායකයින් දස ලක්ෂයක් බිහි කිරිම සිය අරමුණ බව සමගි ජන බලවේගයේ නායක , විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂනායකවරයා මේ බව කියා සිටියේ සක්වල වැඩසටහනේ 125 වැනි අදියර යටතේ අද මාතර ,අකුරැස්ස ,මාලිම්බඩ ශ්‍රී සුමේධ මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමින්.

එමෙන්ම සමාජයේ ප්‍රභූ පැළැන්තිවලට හොද අධ්‍යාපනයක් ලැබුණත් බහුතරයකට ලැබෙන්නේ අඩුපාඩු සහිත අධ්‍යාපනයක් බවද විපක්ෂනායකවරයා මෙහිදී කියා සිටියා.

මෙම සමාජ බෙදීම තුළ දරුවන් බහුතරයකට ඉහළ සමාජයකට යා නොහැකි වීම හේතුවෙන් සමාජ කෝපය ,වෛරය නිර්මාණය වී තරුණ කැරළි බිහි වීම රටට සුදුසු නොවන බවද විපක්ෂනායක සජිත් ප්‍රේමදාස සදහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?