2026 නව වසර උදාවීම සැමරීම සඳහා හෙට (31) දින කොළඹ නගරය වෙත පිට පළාත්වලින් විශාල ජනතාවක් සහ රථවාහන ප්‍රමාණයක් කොළඹ නගරයට සහ ඒ ආශ්‍රිත ගාලු මුවදොර ප්‍රදේශ වෙත පැමිණීම අපේක්ෂා කරන බව පොලිසිය පවසනවා.
එලෙස පැමිණීමේදී ඇති විය හැකි රථවාහන තදබදය අවම කර ගැනීම සඳහා සහ එම ජනතාවගේ ආරක්ෂාව සඳහා ශ්‍රී ලංකා පොලිසිය විසින් විශේෂ රථවාහන සැලැස්මක් හා ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
ඒ අනුව අධික රථවාහන තදබදයක් ඇති විය හැකි බවට අපේක්ෂා කරනු ලබන කොළඹ නගරයේ කොටුව, පිටකොටුව, කොම්පඤ්ඤ වීදිය, මරදාන, කොල්ලුපිටිය, බම්බලපිටිය සහ කුරුඳුවත්ත යන ප්‍රදේශවල සාමාන්‍ය පරිදි රථවාහන ගමනාගමනය සිදු කරන අතර අධික රථවාහන තදබදයක් ඇතිවන අවස්ථාවලදී පමණක් අවස්ථානුකූලව සැලසුම් කර ඇති රථ වාහන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි පොලිසිය පෙන්වා දෙන්නේ.
- ගාලු මැද පාර ඔස්සේ කොළඹින් පිට වීම – එන්.එස්.ඒ. වටරවුම, ගාලු මැද පාර, බාලදක්ෂ මාවත හන්දියෙන් වමට (එම්ඕඩි හන්දිය) බාලදක්ෂ මාවත, අලියා නාන වටරවුම, මාකන් මාකර් මාවත, ගාලු මුවදොර වටරවුම ඔස්සේ කොල්ලුපිටිය දෙසට ගමන් කිරීම.
- ගාලු මැද පාර, ගාලුමුවදොර වටරවුම සිට කොළඹට ඇතුළු වන රථවාහන බාලදක්ෂ මාවත හන්දිය දක්වා සහ ඉන් ඉදිරියට ගමන් කිරීම.
- ගාලු මුවදොර වටරවුමේ සිට මාකන් මාකර් මාවත ඔස්සේ අලියා නාන වටරවුම දෙසට හෝ අලියා නාන වටරවුම දෙස සිට බාලක්ෂ මාවත ඔස්සේ ගාලු මැද පාරට ගමන් කල නොහැක.
- බාලදක්ෂ මාවතේ අතුරු මාර්ග වලින් පැමිණෙන සියලු වාහන දකුණට හරවා අලියා නාන වටරවුම ඔස්සේ කොළඹින් පිටවිය හැකි අතර ගාලු මැද පාරට අතුරු මාර්ග වලින් ඇතුළු වන සියලුම වාහන දකුණට හරවා එන් එඒ වටරවුම දෙසට ගමන් කිරීම.
ඒ අනුව ඉහත රථවාහන සැලැස්ම ක්‍රියාත්මක කිරීමේ දී කොළඹ නගරයේ පදික වේදිකා මත සහ ප්‍රධාන මාර්ගයන් අවහිර වන ලෙස කිසිඳු රථ වාහනයක් නවතා තැබීමට ඉඩ ලබා නොදෙන අතර එවැනි ආකාරයට රථවාහන නීති උල්ලංඝණය කරනු ලබන රියදුරන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවයි පොලිසිය සඳහන් කළේ.
මෙම රථවාහන සහ ආරක්ෂක රාජකාරි සඳහා පොලිස් නිලධාරීන් 1200 ක් පමණ ප්‍රමාණයක් යෙදවීමට පොලිසිය විසින් සැලසුම්කර තිබෙනවා.
තවද කොළඹට පැමිණෙන රථවාහන පහත සඳහන් රථගාල් වල ගාල් කර තැබීමේ පහසුකම් සලසා ඇති අතර එම රථගාල්වල රථවාහන 5900 කට පමණ ගාල් කිරීමේ පහසුකම් සලසා ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව පහත සඳහන් නිදහස් රථගාල් සහ මාර්ග දෙපස මුදල් අයකර ගැනීමකින් තොරව රථවාහන අවහිරතා ඇති නොවන පරිදි ගාල් කිරීම සඳහා අවස්ථාව ලබා දී තිබෙනවා.
- කොටුව පොලිස් වසමේ බාලක්ෂ මාවත – එම්. ඕ. ඩී රථගාල (බේරේවැව දෙසට)
- කොල්ලුපිටිය / බම්බලපිටිය / වැල්ලවත්ත මුහුදු බඩ මාර්ග
- කොටුව හා මරදාන පොලිස් වසම් වල ඩී. ආර්. විජේවර්ධන මාවත
- කොම්පඤ්ඤ වීදිය පොලිස් වසමේ පාසන්ස් පාර පිටවීමේ තීරුව පමණක්
- ගාලු පාර වැල්ලවත්ත සැවෝයි අසල සිට ගාලු පාර බගතලේ පාර හන්දිය දක්වා රථ නැවතුම් ස්ථාන වල (Parking Bays)පමණක්
- කුරුඳුවත්ත පොලිස් වසමේ ආනන්ද කුමාරස්වාමි මාවත නෙළුම් පොකුණ වටරවුමේ සිට පුස්තකාල වටරවුම දෙසට ඇතුළු වීමේ තීරුව (වම්පස)
- කුරුඳුවත්ත පොලිස් වසමේ එෆ්.ආර්.සේනානායක මාවත
- කුරුඳුවත්ත පොලිස් වසමේ රීඩ් මාවත රීඩ් රාජකාරී හන්දියේ සිට රීඩ් මාවතරීඩ් තර්ස්ටන් හන්දිය දක්වා මාර්ගයේ දකුණු පස
- කුරුඳුවත්ත පොලිස් වසමේ නිදහස් මාවත නිදහස් වටරවුමේ සිට නිදහස් චතුරස්‍රය දක්වා මාර්ගයේ දකුණු පස
- කුරුඳුවත්ත පොලිස් වසමේ මෙට්ලන්ඩ් පෙදෙස
- කුරුඳුවත්ත පොලිස් වසමේ පදනම් ආයතනය පාර
එමෙන්ම පහත සඳහන් රථගාල් සහ මුදල් අය කිරීමේ පදනම මත රථගාල් කිරීම සඳහා අවස්ථාව සලසා තිබෙනවා.
- පිටකොටුව පොලිස් වසමේ බැස්ටියන් මාවත පරණ මැනිං වෙළඳ සංකීර්ණ රථගාල
- කොටුව පොලිස් වසමේ විමලධර්මසූරිය ඔර්ලෝසු කණුව අසල රථගාල
- කොටුව පොලිස් වසමේ රාසික් ෆරීඩ් මාවත හේමාස් රථගාල
- ඩී. ආර්. විජේවර්ධන මාවත ලේක් හවුස් රථගාල
- කොටුව පොලිස් වසමේ ලේඩ්න් බැස්ටියන් මාවත
- කොටුව පොලිස් වසමේ බ්‍රිස්ටල් වීදිය
- කොටුව පොලිස් වසමේ ඩියුක් වීදිය
- කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ යූනියන් පෙදෙස ඩෝසන් වීදිය හන්දිය ඇක්සස් ටවර් රථගාල
- මරදාන පොලිස් වසමේ ගාමිණි වටරවුම – St’ Clement රථශාල
ඒ අනුව මෙම සැලැස්මට අනුව රථ වාහන ගමන් කිරීම සම්බන්ධ වූ සිතියම් 04 ක් ද පොලිසිය නිකුත් කර තිබෙනවා.








