නව ත්‍රස්ත විරෝධී පනත සැප්තැම්බරයේ එළියට

නව ත්‍රස්ත විරෝධි පනත කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් පත් කළ විද්වත් කමිටුවේ කටයුතු සැප්තැම්බර් මාසයේදී අවසන් කරන බව එහි සභාපති ජනාධිපති නීතීඥ රියෙන්සි අර්සකුලරත්න පවසනවා.

ත්‍රස්ත විරෝධි පනත කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් පත්කළ කමිටුව ඊයේ (27) අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ දී රැස්වූ අවස්ථාවේ දී ඔහු ඔහු මේ බව සඳහන් කළා.

පනත් කෙටුම්පතට ගෙන එනු ලබන සංශෝධන විමර්ශනාත්මකව දෙවන වරටත් පරීක්ෂා කෙරෙන බවද සභාපතිවරයා සඳහන් කර සිටියා.

මෙරට බලපැවැත්වෙන 1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැලැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත පරිච්ඡින්න කර නව නීතියක් කෙටුම්පත් කිරීමට අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර කැබිනට් මණ්ඩලයේ අනුමැතිය මත මෙම විද්වත් කමිටුව පත් කළා.

නූතන ගෝලීය ත්‍රස්තවාදී අභියෝගයන්ට මුහුණදීම, දේශිය සහ විදේශිය වශයෙන් පුද්ගලයන්ගේ මානව හිමිකම් සහ අන්තර්ජාතිකව පිළිගන්නාවු ප්‍රමිතීන්ට අනුගතවීම මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමේ අරමුණ වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?