නව කැබිනට්ටුව දිවුරුම් දෙයි ?

නව කැබිනට් මණ්ඩලය අද (18) දිනයේ උදෑසන දිවුරුම් දීමට නියමිත බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.

ඒ අනුව නව කැබිනට් අමාත්‍යවරුන් 18 දෙනෙකු පමණ අද ජනාධිපති මන්දිරයේදී ජනාධිපතිවරයා ඉදිරියේදී දිවුරුම්දීමට නියමිතයි.

මෙම නව අමාත්‍ය මණ්ඩලය තරුණයින්ගෙන් සමන්විත වන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.