AFC Banner
AFC Banner
Empty Ad

නව ක්‍රීඩා ඇමතිගෙන් අධිකරණයට දැනුම්දීමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු මෙහෙයවීම සඳහා අතුරු පාලක කමිටුවක් පත් කරමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය ඉවත් කරගෙන තිබෙන බව නව ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු අභියාචනාධිකරණයට දැනුම් දී තිබෙනවා.

ක්‍රිකට් අතුරු පාලක කමිටුව පත්කරමින් හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා විසින් ඉදිරිපත් කළ පෙත්සම අද කැඳවනු ලැබූ අවස්ථාවේදී යි නව ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කුෂාන් ද අල්විස් මහතා මෙම දැනුම්දීම සිදු කළේ.

ඒ අනුව හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක නොකරන බවටත් අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කළ අතුරු පාලක කමිටුව විසුරුවා හැර ඇති බවත් නව ක්‍රීඩා අමාත්‍යවරයා නව ගැසට් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇතැයි ජනාධිපති නීතිඥවරයා දන්වා සිටියා.

මෙම පෙත්සම අද සෝභිත රාජකරුණා සහ ඩී. එන්. සමරකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේයි කැඳවනු ලැබුවේ.

එම අවස්ථාවේදි පෙත්සම්කාර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙන්වා දුන්නේ වග උත්තරකාර නව ක්‍රීඩා අමාත්‍යවරයා අදාළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක නොකරන බව දැනුම් දුන්නද එම ගැසට් නිවේදනය තවදුරටත් එලෙසම පවතින බවයි.

එබැවින් අදාළ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් යම් පාර්ශවයකට ඉදිරියේදී පියවර ගැනීමේ හැකියාවක් පවතින බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය නීතියට පටහැනි බවට තීන්දුවක් ලබා ගැනීමට තමන්ට අවශ්‍ය බවත් ප්‍රකාශ කළා.

මෙම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යන්නේ ද? නැද්ද ? යන්න දැනුම් දීම සඳහා දිනයක් ලබා දෙන ලෙසටයි ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීම් කළේ.

ඒ අනුව අදාළ පෙත්සම මේ මස 15 වනදා යළි කැඳවීමට නියෝග කළ අභියාධිකරණ විනිසුරු මඩුල්ල එදින අදාළ පෙත්සම තවදුරටත් පවත්වාගෙන යන්නේද? නැද්ද? යන්න දැනුම් දෙන ලෙසත් නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගනේමුල්ල සංජීව ඝා#නයට පෙර ලැබුණු ඔත්තුව #live #dasathamidnewstoday #dasathanews
00:51
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
03:02:27
Video thumbnail
අපි ඔක්කොම එක අම්මාගේ දරුවෝ වගේ එක පොදු විපක්ෂයක් හදනවා...
13:32
Video thumbnail
ගනේමුල්ල සංජීව ඝා#නයට පෙර වැඩබලන පොලිස්පතිට ලැබුණු ඔත්තුව
05:29
Video thumbnail
ගමෙන් ගමට නැවත එන නාමල් - "රැවටිච්ච මිනිසුන්ට තේරෙනවා හැමදාම රැවටෙන්න බෑ කියලා"
07:42
Video thumbnail
සුමන්තිරන් කරන්න යන වැඩක් ගැන සැකයක්...
03:49
Video thumbnail
මේසේට හයියෙන් තට්ටු දාපු ආණ්ඩුවේ මන්ත්‍රීවරු
17:08
Video thumbnail
🔴LIVE :- රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුව
01:09:42
Video thumbnail
රටේ හරක් ටික දක්කන්න කෙවිට අතට ගත් වනවාසී රාහුල හිමි | Open Heart with Wanawasi Rahula thero EP :07
32:34
Video thumbnail
ඊගාවට බලයට එන්නේ අපි තමයි
06:37

?