නව ඇමති මණ්ඩලය අද හෝ හෙට දිවුරුම් දෙයි ?

නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීම සඳහා මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව, අද (17) හෝ හෙට (18) දිනයේදී නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දෙනු ඇති බව වාර්තා වේ.

නව අමාත්‍ය මණ්ඩලයේ පළමු රැස්වීම හෙට පස්වරුවේ පැවැත්වීමට ද නියමිත බව සඳහන් විය.නව අමාත්‍ය මණ්ඩලය සඳහා අමාත්‍යවරුන් 15 දෙනෙකු පමණක් පත් කරනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

කෙසේවෙතත් මේ සඳහා චමල් රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ සහ ශෂින්ද්‍ර රාජපක්ෂ යන මහත්වරුන් පත් නොකෙරෙනු ඇති බව ද වාර්තා වේ.

ගාමිණී ලොකුගේ, බන්දුල ගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන යන මහත්වරුන් ද මෙම අමාත්‍ය මණ්ඩලය නියෝජනය නොකරනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

ඒ අනුව, නවක මුහුණු නව කැබිනට් මණ්ඩලය නියෝජනය කරනු ඇති බව ද වාර්තා විය.කෙසේවෙතත් දැනට ක්‍රියාත්මක වන රාජ්‍ය අමාත්‍ය ධුරයන් ඒ ආකාරයෙන්ම පවතිනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ අතර හිටපු අමාත්‍යවරුන් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ පස්වරුවේ පැවැත්වුණ අතර , කොටුව පිහිටි ජනාධිපති මන්දිරයේදී මෙම සාකච්ඡාව පැවති අතර පස්වරු 05ට පමණ ආරම්භ වූ සාකච්ඡාව රාත්‍රී 07 පමණ දක්වා පැවතුනි.

විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුද රාජ්‍ය අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දීමට නියමිතව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

මීට අමතරව තරුණ රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකුට ද නව කැබිනට් අමාත්‍ය තනතුරු ලැබීමට නියමිතව ඇති බවට දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.

එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළකිරීම හිටපු අමාත්‍යවරුන් ප්‍රතික්ෂේප කර තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04