නව අමාත්‍ය මණ්ඩලයක් දිවුරුම් දෙයි ?

නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීම සඳහා මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව, අද (17) හෝ හෙට (18) දිනයේදී නව අමාත්‍ය  මණ්ඩලය දිවුරුම් දෙනු ඇති බව වාර්තා වේ.

නව අමාත්‍ය මණ්ඩලයේ පළමු රැස්වීම හෙට පස්වරුවේ පැවැත්වීමට ද නියමිත බව සඳහන් විය.

නව අමාත්‍ය මණ්ඩලය සඳහා අමාත්‍යවරුන් 15 දෙනෙකු පමණක් පත් කරනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

කෙසේවෙතත් මේ සඳහා චමල් රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ සහ ශෂින්ද්‍ර රාජපක්ෂ යන මහත්වරුන් පත් නොකෙරෙනු ඇති බව ද වාර්තා වේ.

ගාමිණී ලොකුගේ, බන්දුල ගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන යන මහත්වරුන් ද මෙම අමාත්‍ය මණ්ඩලය නියෝජනය නොකරනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

ඒ අනුව, නවක මුහුණු නව කැබිනට් මණ්ඩලය නියෝජනය කරනු ඇති බව ද වාර්තා විය.

කෙසේවෙතත් දැනට ක්‍රියාත්මක වන රාජ්‍ය අමාත්‍ය ධුරයන් ඒ ආකාරයෙන්ම පවතිනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ අතර හිටපු අමාත්‍යවරුන් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ පස්වරුවේ පැවැත්වුණි.

කොටුව පිහිටි ජනාධිපති මන්දිරයේදී මෙම සාකච්ඡාව පැවති අතර පස්වරු 05ට පමණ ආරම්භ වූ සාකච්ඡාව රාත්‍රී 07 පමණ දක්වා පැවති බව සඳහන් වේ.

කෙසේවෙතත් එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළකිරීම හිටපු අමාත්‍යවරුන් ප්‍රතික්ෂේප කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බලන්නකෝ තාත්තගෙයි පුතාගෙයි හිනාවෙවී කතා කරන හැටි..ටී.බී.ඉලංගරත්න පිළිරුවට පුෂ්පෝපාහාර දක්වපු අයුරු
04:54
Video thumbnail
රුවන්වැලි මහා සෑයට, ශ්‍රී මහා බෝධියට විශාල බැතිමතුන්ට පිරිසක් පැමිණෙයි
01:15
Video thumbnail
රියදුරුට නින්ද යාම නිසා සුඛෝපභෝගී වෑන් රථයක් අනතුරට..විදුලිි කණුවක් කඩාගෙන නැවතෙයි
01:17
Video thumbnail
උගන්ඩා කුමාරිට කට උත්තර නැතිවෙන්න තිස්සකුට්ටි අමතයි..ඩොලර් මිලියන 2.5 ගේන්න ඕනි නැද්ද?
03:14
Video thumbnail
කම්කරු දිනයෙත් කම්කරුවන් වැඩ.."අපේ තියෙන දුප්පත්කමනේ..ඊට වැඩිය දෙයක් නෑනේ"
02:13
Video thumbnail
NPPයට ජනතා ආකර්ෂණය අඩු වෙලාද ?..මුළු ලංකාවම රත්‍ර වර්ණයෙන් බබළනවා
04:39
Video thumbnail
සහකාර අධ්‍යක්ෂකගේ මරණය ගැන තිස්සකුට්ටිගෙන් ප්‍රබල හෙළිදරව්වක්..සාක්ෂි යට ගහන්න කරපු කුමන්ත්‍රණයක් ?
04:22
Video thumbnail
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කළුතර ප්‍රා.කාර්යාලයේ ඇතිවූ හදිසි ගින්න
01:55
Video thumbnail
අභිරහසක් ඉතිරි කර පිළිස්සී එළොව ගිය වයෝවෘද්ධ කාන්තාව..
01:01
Video thumbnail
නාමල් ගිහින් හිටපු නගරාධිපති ජාලියෝට දුන්න සුපිරි Birthday Surprise එක..මචන් මටත් කේක් කෑල්ලක්
02:07