නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අදියරෙන් අදියර ක්‍රියාත්මක කරනවා – අගමැතිනිය

පාදුක්ක, බෝපේ රාජසිංහ විද්‍යාලයීය ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ඊයේ (19) දින ජනාධිපති ලේකම් කාර්යාලයේ පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේ දී පැවැත්වුණා.

ජනාධිපති ලේකම් කාර්යාලය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කළ ශිෂ්‍ය පාර්ලිමේන්තු වැඩසටහන්
මාලාවේ එක් පියවරක් ලෙස පැවැති මෙම වැඩසටහනෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආචාර්ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යවරිය එක්වූවා.

බෝපේ රාජසිංහ මහා විද්‍යාලයීය ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ ශිෂ්‍ය පාර්ලිමේන්තු සාමාජික සාමාජිකාවන් ඇමතූ අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ රටක
ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීමට නම් ක්‍රියාකාරී පුරවැසියන් බිහි විය යුතු බවයි.

ඒ සඳහා ශිෂ්‍ය පාර්ලිමේන්තුව වැනි වැඩසටහන් වැදගත් කාර්ය භාරයක් ඉටුකරන බවත් ඇය පෙන්වා දුන්නා.

එසේම ශිෂ්‍ය ශිෂ්‍යාවන් යොමු කළ ප්‍රශ්නවලට ද අග්‍රාමාත්‍යවරිය පිළිතුරු ලබා දුන්නා.

පවතින අධ්‍යාපන ක්‍රමය වෙනස් කිරීමට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට අදියරෙන් අදියර හදුන්වා දීමට රජය සැලසුම් කර ඇති බවත්
අග්‍රාමාත්‍යවරිය ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් පෙන්වා දුන්නා.

විශ්වවිද්‍යාල තුළ නවකවදය ක්‍රියාත්මක කිරීමට එරෙහිව නිීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවත් ඇය අවධාරණය කළා.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී, නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න මහතා මෙහිදී පාර්ලිමේන්තු සම්ප්‍රදාය, කාර්යභාරය සහ
ක්‍රමවේදය පිළිබඳව දැනුම්වත් කිරීමක් සිදු කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?