නව අධ්‍යයන වර්ෂයේ සිට ප්‍රාථමික අංශයේ වාර විභාග අවලංගු වෙයි

ලබන වසරේ සිට ප්‍රාථමික අංශයේ වාර විභාග නොපැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසනවා.

ලබන වසරේ මාර්තු මාසය අවසානයේ දී 2023 නව අධ්‍යයන වර්ෂය ආර්මභ වීමට නියමිතයි.

ලබන වසරේ සිට ප්‍රාථමික අංශයේ සිසු සිසුවියන්ට පාඩම් අවසානයේ අභ්‍යාස ලබාදී ඒවා වසර අවසානයේ පවත්වනු ලබන විභාගයේ ලකුණු මත සිසු ඇගයීම් හා තක්සේරුකරණ ක්‍රියාවලිය ක්‍රියාවට නංවන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

කොළඹ අද පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් කියාසිටියේ ඉදිරියේදී පාසලෙන් පිටවන දරුවන්ට විශේෂ වැඩපිළිවෙලක් ද සකස් කිරීමට පියවර ගන්නා බවයි.

ඒ අනුව සරසවිවලට ඇතුලත් වීමට හෝ තම කැමැත්ත මත කාර්මික විද්‍යාලවලට ඇතුලත්ව වැඩිදුර අධ්‍යයන අවස්ථා ලබාගැනීමට හැකි වැඩපිළිවෙලක් සකස් කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

2023 අධ්‍යයන වර්ෂයේදී නිවාඩු අඩු කර වැඩියෙන් අධ්‍යයන කටයුතු සිදු කර දෙසැම්බර් මාසය වන විට සියලු විෂය නිර්දේශ ආවරණය කරමින් අධ්‍යාපන කටයුතු යථා තත්ත්වයට පත් කරන බවයි අමාත්‍යවරයා කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34
Video thumbnail
දිල්කා සමන්මලීට කළ අපහාසයට හිරුණිකාගෙන් සැර ප්‍රකාශයක්..අවු:7 -10 සිර දඬුවම් විදින්න වෙනවා
08:18
Video thumbnail
බලශක්ති ඇමතිට අජිත් හොඳම එකෙන් දෙසයි..කුමාර විතරක් නෙවෙයි මේකට තව අය සම්බන්දයි
12:11
Video thumbnail
ගම්මන්පිලගේ පොත එළිදැක්වීමට සජිත් ප්‍රේමදාස නෙවෙයි ගියේ - AIවලින් දාලා එතුමව
04:04
Video thumbnail
රැදවුම් භාරයේ සිටින පිල්ලෙයාන් අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත රැගෙන ආ අයුරු
02:02
Video thumbnail
රාජපක්ෂ නාමය නැතුව විරුද්ධවාදීන්ට දේශපාලනය කරන්න අමාරුයි l Namal Rajapaksa
03:25
Video thumbnail
ගල් අඟුරු වංචාව පිටිපස්සේ රටේ විධායක ජනාධිපති අනුර ඉන්නවා..පික්පොකට් එක ගහලා තියෙන්නේ හොරා කියපු එකා
02:45
Video thumbnail
සමුපකාර සභාපතිට සමුපකාර රෝහලේ සේවකයන්ගෙන් දැඩි විරෝධයක්
00:38