spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නව අධ්‍යයන වර්ෂයේ සිට ප්‍රාථමික අංශයේ වාර විභාග අවලංගු වෙයි

ලබන වසරේ සිට ප්‍රාථමික අංශයේ වාර විභාග නොපැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසනවා.

ලබන වසරේ මාර්තු මාසය අවසානයේ දී 2023 නව අධ්‍යයන වර්ෂය ආර්මභ වීමට නියමිතයි.

ලබන වසරේ සිට ප්‍රාථමික අංශයේ සිසු සිසුවියන්ට පාඩම් අවසානයේ අභ්‍යාස ලබාදී ඒවා වසර අවසානයේ පවත්වනු ලබන විභාගයේ ලකුණු මත සිසු ඇගයීම් හා තක්සේරුකරණ ක්‍රියාවලිය ක්‍රියාවට නංවන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

කොළඹ අද පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් කියාසිටියේ ඉදිරියේදී පාසලෙන් පිටවන දරුවන්ට විශේෂ වැඩපිළිවෙලක් ද සකස් කිරීමට පියවර ගන්නා බවයි.

ඒ අනුව සරසවිවලට ඇතුලත් වීමට හෝ තම කැමැත්ත මත කාර්මික විද්‍යාලවලට ඇතුලත්ව වැඩිදුර අධ්‍යයන අවස්ථා ලබාගැනීමට හැකි වැඩපිළිවෙලක් සකස් කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

2023 අධ්‍යයන වර්ෂයේදී නිවාඩු අඩු කර වැඩියෙන් අධ්‍යයන කටයුතු සිදු කර දෙසැම්බර් මාසය වන විට සියලු විෂය නිර්දේශ ආවරණය කරමින් අධ්‍යාපන කටයුතු යථා තත්ත්වයට පත් කරන බවයි අමාත්‍යවරයා කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?