නවසීලන්ත – ශ්‍රී ලංකා 20-20 තරගාවලිය ජය පරාජයෙන් තොරව අවසන්

නවසීලන්ත කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර තුන්වන සහ අවසන් විස්සයි විස්ස තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදු වුණා.

නවසීලන්තයේ ඩනෙඩින් හිදී ආරම්භ වූ මෙම තරගය ක්‍රියාත්මක කිරීමට හැකි වුයේ පන්දුවාර 14යි එක් පන්දුවක් පමණයි.

ක්‍රීඩාංගණයට ඇද හැලුණු වර්ෂාවත් සමඟ තරගය ප්‍රමාද වී ආරම්භ වූ අතර, එහිදී එක් ඉනිමක් පන්දුවාර 15කට සීමා වුණා.

අනතුරුව තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව නවසීලන්ත කාන්තා කණ්ඩායමට ලබාදුන්නා.

එහිදී ඔවුන් පන්දුවාර 14යි එක්පන්දුවක් තුළ කඩුලු 03ක් දැවී ලකුණු 101ක් ලබා සිටිය දී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා.

වර්ෂාවත් සමඟ තරගය යළි ආරම්භ කිරීමට අවස්ථාවක් හිමි නොවූ අතර, ඒ අනුව තරග අතහැර දැමීමටයි සිදු වුණේ.

ඒ, අනුව තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය ජය පරාජයෙන් තොරව අවසන් වුණේ කණ්ඩායම් දෙකම එක තරගය බැගින් ජයගෙන තිබූ පසුබිමකයි.

දෙරට අතර පැවති පළමු 20-20 තරගය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ජයගත් අතර, දෙවන තරගය ජයගත්තේ නවසීලන්ත කාන්තා කණ්ඩායමයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05
Video thumbnail
බලතල සිඟමනේ ඉන්දියාවට ගිය පොන්නම්බලන්ගේ කණ්ඩායමට අරුන්ගෙන් සැර කණේ ප#රක්..!
15:07
Video thumbnail
මම රාජකාරිය කරන්නේ..කනට ග#න්න එන්න එපා..මනු කියවන්නාට සත්තම දැමූ ගමේ චණ්ඩියා
04:16


?