නවසීලන්ත – ශ්‍රී ලංකා 20-20 තරගාවලිය ජය පරාජයෙන් තොරව අවසන්

නවසීලන්ත කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර තුන්වන සහ අවසන් විස්සයි විස්ස තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදු වුණා.

නවසීලන්තයේ ඩනෙඩින් හිදී ආරම්භ වූ මෙම තරගය ක්‍රියාත්මක කිරීමට හැකි වුයේ පන්දුවාර 14යි එක් පන්දුවක් පමණයි.

ක්‍රීඩාංගණයට ඇද හැලුණු වර්ෂාවත් සමඟ තරගය ප්‍රමාද වී ආරම්භ වූ අතර, එහිදී එක් ඉනිමක් පන්දුවාර 15කට සීමා වුණා.

අනතුරුව තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව නවසීලන්ත කාන්තා කණ්ඩායමට ලබාදුන්නා.

එහිදී ඔවුන් පන්දුවාර 14යි එක්පන්දුවක් තුළ කඩුලු 03ක් දැවී ලකුණු 101ක් ලබා සිටිය දී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා.

වර්ෂාවත් සමඟ තරගය යළි ආරම්භ කිරීමට අවස්ථාවක් හිමි නොවූ අතර, ඒ අනුව තරග අතහැර දැමීමටයි සිදු වුණේ.

ඒ, අනුව තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය ජය පරාජයෙන් තොරව අවසන් වුණේ කණ්ඩායම් දෙකම එක තරගය බැගින් ජයගෙන තිබූ පසුබිමකයි.

දෙරට අතර පැවති පළමු 20-20 තරගය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ජයගත් අතර, දෙවන තරගය ජයගත්තේ නවසීලන්ත කාන්තා කණ්ඩායමයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නිරෝෂා සංවේදී වී නන්දා මාලනිය වෙනුවෙන් පිටකල වදන් - ඇයගේ අඩුව පුරවන්න ආදේශකයක් නෑ
02:34
Video thumbnail
මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
01:18
Video thumbnail
මොන කාල#ණ්නිද මුන්..සල්ලිවලින් කාලා ආතල් ගන්නවා - මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
03:18
Video thumbnail
නන්දා මාලනීට නාවික හමුදාපති පැමිණ දුන් නිල ආචාර‍ය - නාවික හමුදාපතිව මිනිස්සු වට කරගයි
00:42
Video thumbnail
බොන්න වතුර නැතිව දුක් විඳින දේවහූව ගම්මානයේ මිනිස්සු - වකුගඩු රෝගීන් එන්න එන්නම වැඩිවෙනවා
14:15
Video thumbnail
නිවී ගිය යශෝරාවයට කාදිනල් හිමි අවසන් බුහුමන් දෙන්න ආ අයුරු - අපේ ජාතික වස්තුවක් අහිමි වුණේ
00:53
Video thumbnail
හෙළ ගීයේ අමරණීය ස්වරයට, නාවික හමුදාපතිගේ ගෞරවනීය සැලියුට් එක
00:34
Video thumbnail
දෙපා නොමැතිව මාලනීට සමුදෙන්න ආ පුද්ගලයා බලන්නකෝ
01:04
Video thumbnail
හේමාල් මාලනියට අවසන් ගෞරව දක්වන්න ආ හැටි
00:26
Video thumbnail
මාලනියට සුනිල් හදවතින්ම පුද කළ අවසන් සිපගැනීම
00:23