AFC Banner
AFC Banner
Empty Ad

නවසීලන්තයේ ග්ලෙන් ෆිලිප්ස්ගේ සුපර්මෑන් උඩ පන්දුව (වීඩියෝ)

නවසීලන්ත තුන් ඉරියව් ක්‍රීඩක ග්ලෙන් ෆිලිප්ස් පිළිබඳව මේ වනට ක්‍රිකට් පිටියේ කතා බහක් මතුව තිබෙනවා.

ඒ, සංචාරක එංගලන්තය කණඩායමට එරෙහිව ක්‍රයිස්ට්චර්ච් හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ ඔහු රැකගත් විශිෂ්ඨ උඩ පන්දුවක් හේතුවෙන්.

එංගලන්ත පළමු ඉනිමේ දී ඔලී පෝප්ගේ කඩුල්ල දවාගැනීම සඳහා ඔහු මෙම විශිෂ්ඨ උඩ පන්දුව රැකගත්තා.

ලකුණු 77ක් රැස්කරගෙන සිටි ඔලී පෝප්, වේග පන්දු යවන ක්‍රීඩක ටීම් සවුතිගේ පන්දුවකට එල්ල කරන පහරක් ගලී හි පන්දු රකිමින් සිටි ග්ලෙන් ෆිලිප්ස් උඩ පන්දුවක් ලෙස රැකගන්නේ ගුවන් පියඹා යමින්.

මේ වනවිට ජගත් ක්‍රිකට් පිටිය තුළ සිටින ක්‍රීඩකයින්ගෙන් පන්දු රැකීමේ අංශයෙන් ඉදිරියෙන්ම සිටින ක්‍රීඩකයා බවට නවසීලන්ත ක්‍රීඩක ග්ලෙන් ෆිලිප්ස් හැදින්විය හැකියි.

https://twitter.com/BLACKCAPS/status/1862350347072582119

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
0
+1
3
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?