නවතම ICC ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි හැරී බෘක් 04ට එද්දී රිස්වාන් මුල් දසදෙනා අතරට

ජාත්‍යන්තර ටෙස්ට් පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම් හි හොඳම පිතිකරුවන් දසදෙනා අතරට පැමිණෙන්නට පාකිස්ථාන ක්‍රීඩක මොහොමඩ් රිස්වාන් සමත් ව තිබෙනවා.

ඒ අනුව නවතම ශ්‍රේණිගත කිරීම් හි රිස්වාන් ප්‍රසාද ලකුණු 728ක් අතැතිව 10 වැනි ස්ථානයේ රැඳී සිටිනවා.

මෙම සංශෝධනයත් සමග එංගලන්තයේ හැරී බෘක් සිව්වැනි ස්ථානයට පැමිණ ඇති අතර, පාකිස්තානයේ බාබර් අසාම් 06 වැනි ස්ථානයේ සිට 09 වැනි ස්ථානය තෙක් පහත වැටී තිබෙනවා.

හැරී බෘක් සිය ස්ථානය ඉදිරියට පැමිණ ඇත්තේ ශ්‍රී ලංකාවට එරෙහිව මැන්චෙස්ටර් හි දී පැවති පළමු ටෙස්ට් තරගයේ දී පළමු හා දෙවැනි ඉනිම්වලදී පිළිවෙළින් ලකුණු 56ක් හා 32ක් ලබා ගැනීමත් සමගයි.

ජෝ රූට් ටෙස්ට් පිතිකරුවන් අතර සිය පළමු ස්ථානය තවදුරටත් රඳවා ගෙන සිටින අතර, කේන් විලියම්සන් සහ ඩැරිල් මිචෙල් දෙවැනි හා තෙවැනි ස්ථාන බවට පත් ව සිටිනවා.

හැරී බෘක් සිව්වැනි ස්ථානයට පැමිණ ඇත්තේ බාබර් අසාම්, ස්ටීවන් ස්මිත් හා රෝහිත් ෂර්මා ව අබිබවා යමින්.

රාවල්පිණ්ඩි හි දී බංග්ලාදේශයට එරෙහිව පැවති පළමු ටෙස්ට් තරගයෙන් පාකිස්තානය පරාජයට පත් වුව ද, රිස්වාන් නොදැවී ලකුණු 171ක් සහ දෙවැනි ඉනිමේ දී ලකුණු 51ක් ලබා ගැනීමත් සමග හොඳම ටෙස්ට් පිතිකරුවන් දසදෙනා අතරට පත් වී තිබෙන අයුරු දැකිය හැකියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
2
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
00:00
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15