නවතම ICC ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි හැරී බෘක් 04ට එද්දී රිස්වාන් මුල් දසදෙනා අතරට

ජාත්‍යන්තර ටෙස්ට් පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම් හි හොඳම පිතිකරුවන් දසදෙනා අතරට පැමිණෙන්නට පාකිස්ථාන ක්‍රීඩක මොහොමඩ් රිස්වාන් සමත් ව තිබෙනවා.

ඒ අනුව නවතම ශ්‍රේණිගත කිරීම් හි රිස්වාන් ප්‍රසාද ලකුණු 728ක් අතැතිව 10 වැනි ස්ථානයේ රැඳී සිටිනවා.

මෙම සංශෝධනයත් සමග එංගලන්තයේ හැරී බෘක් සිව්වැනි ස්ථානයට පැමිණ ඇති අතර, පාකිස්තානයේ බාබර් අසාම් 06 වැනි ස්ථානයේ සිට 09 වැනි ස්ථානය තෙක් පහත වැටී තිබෙනවා.

හැරී බෘක් සිය ස්ථානය ඉදිරියට පැමිණ ඇත්තේ ශ්‍රී ලංකාවට එරෙහිව මැන්චෙස්ටර් හි දී පැවති පළමු ටෙස්ට් තරගයේ දී පළමු හා දෙවැනි ඉනිම්වලදී පිළිවෙළින් ලකුණු 56ක් හා 32ක් ලබා ගැනීමත් සමගයි.

ජෝ රූට් ටෙස්ට් පිතිකරුවන් අතර සිය පළමු ස්ථානය තවදුරටත් රඳවා ගෙන සිටින අතර, කේන් විලියම්සන් සහ ඩැරිල් මිචෙල් දෙවැනි හා තෙවැනි ස්ථාන බවට පත් ව සිටිනවා.

හැරී බෘක් සිව්වැනි ස්ථානයට පැමිණ ඇත්තේ බාබර් අසාම්, ස්ටීවන් ස්මිත් හා රෝහිත් ෂර්මා ව අබිබවා යමින්.

රාවල්පිණ්ඩි හි දී බංග්ලාදේශයට එරෙහිව පැවති පළමු ටෙස්ට් තරගයෙන් පාකිස්තානය පරාජයට පත් වුව ද, රිස්වාන් නොදැවී ලකුණු 171ක් සහ දෙවැනි ඉනිමේ දී ලකුණු 51ක් ලබා ගැනීමත් සමග හොඳම ටෙස්ට් පිතිකරුවන් දසදෙනා අතරට පත් වී තිබෙන අයුරු දැකිය හැකියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
2
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැකකටයුතු පුද්ගලයක් දෙයක් ගැන චකිතයක් තිබ්බොත් අනිවාර්යෙන්ම පොලිසියට කියන්න
02:39
Video thumbnail
මාලිමා මන්ත්‍රී නිසා අමාරුවේ වැටුණු අනුරාධපුර ගොවීන්
10:29
Video thumbnail
උඹලා මේකට ඇවිත් හයර් ටික උස්සපුවම අපි මොනවද ගන්නේ..හයර් නිසා ඇල්ලේ ත්‍රීවීල් සෙට් එක රත්වෙයි
12:31
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56


?