නයිජීරියාවේ බෝට්ටු අනතුරකින් 26 දෙනෙකු ජිවිතක්ෂයට

උතුරු නයිජීරියාවේ බෝට්ටුවක් පෙරළීමෙන් පුද්ගලයන් 26 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම යාත්‍රාව පෙරළීමට පෙර ප්‍රාන්තයේ මොක්වා පළාත් පාලන ප්‍රදේශයේ ජෙබ්බා සහ කයින්ජි වේල්ල අතර ජීවත් වන කාන්තාවන් සහ ළමුන් ඇතුළු මගීන් 100කට අධික සංඛ්‍යාවක් රැගෙන යමින් සිටි බවයි වාර්තා වන්නේ

මෙම අනතුරෙන් 30කට වැඩි පිරිසක් බේරාගෙන ඇති අතර නයිජර් ප්‍රාන්ත හදිසි කළමනාකරණ ඒජන්සිය ,සමුද්‍ර පොලිසිය සහ ප්‍රාදේශීය කිමිදුම්කරුවන් එක්ව ඒකාබද්ධ ගලවා ගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වෙමින් පවතින බවද සඳහන්.

අනතුරට හේතුව තවමත් අනාවරණය වී නොමැති අතර බොහෝ මගීන් තම ගොවිපලවලට පැමිණීම සඳහා වේල්ල තරණය කරමින් සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?