නමගිය අපරාධකරුවන් දෙදෙනෙකු කොල්ලකෑ බඩුත් සමඟ පොලිස් දැලේ

ගාල්ල, ගම්පහ ප්‍රදේශවල නමගිය අපරාධකරුවන් දෙදෙනෙකු මංකොල්ලකෑම් කිහිපයක භාණ්ඩ සමඟ තඹුත්තේගම දී අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ගාල්ල සහ ගම්පහ යන ප්‍රදේශවල නමගිය අපරාධකරුවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් 4 දෙනෙකු තඹුත්තේගම දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් විසින් තඹුත්තේගම ප්‍රදේශයේ දී මංකොල්ලකෑ බවට සැකකෙරෙන යතුරුපැදි තුනක්,රූපවාහිනි යන්ත්‍ර තුනක්,කඩු දෙකක් හා හෙරොයින් ග්‍රෑම් 4 මිලිග්‍රෑම් 450 අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 21 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

තඹුත්තේගම පොලීසිය සඳහන් කළේ එක් සැකකරුවෙකු අධිකරණය මගින් නිකුත් කළ වරෙන්තු නමයක් තිබෙන පුද්ගලයකු බවයි.වැඩිදුර පරීක්ෂණ තඹුත්තේගම පොලිසිය මගින් සිදු කරනු ලබනවා.

Untitled 1
Untitled 1 1