නබී එක්දින පිටියෙන් සමුගනියි

2025 වසරේ පැවැත්වීමට නියමිත චැම්පියන්ස් කුසලානයෙන් පසුව ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක මොහොමඩ් නබී ජාත්‍යන්තර එක්දින තරග පිටියෙන් සමුගන්නා බව නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.

ඊයේ (11) ඓතිහාසික එක්දින තරගාවලි ජයක් බංග්ලාදේශයට එරෙහිව වාර්තා කිරීමෙන් පසුව ඇෆ්ගන් ක්‍රිකට් පාලක මණ්ඩලයට ලිපියක් යොමු කරමින් නබී මේ බව දැනුම්දී ඇති බවයි වාර්තා වන්නේ.

39 හැවිරිදි වියෙහි පසුවන නබී යනු ඇෆ්ගනිස්තානය වෙනුවෙන් වැඩිම එක්දින තරග සංඛ්‍යාවකට ක්‍රීඩා කර ඇති ක්‍රීඩකයායි.

නබී ඇෆ්ගනිස්තානය වෙනුවෙන් මංගල එක්දින ක්‍රිකට් වරම් 2009 දී ස්කොට්ලන්තයට එරෙහිව දිනා ගන්නා අතර එක්දින තරග 167කට ක්‍රීඩා කරමින් ලකුණු 3600ක් ලබා ගෙන තිබෙනවා.

ඔහු නමින් එක්දින ශතක 02ක් සහ අර්ධ ශතක 17ක් ද ලියැවීම සුවිශේෂීයි.

නබී සිය ඉල්ලා අස්වීම ගැන සඳහන් කරමින් පවසා ඇත්තේ; තමන් පන්දුවාර 20 ක්‍රිකට් තරග ක්‍රීඩා කරන බවයි.

නබි ICC ශ්‍රේණිගත කිරීම්වලට අනුව වත්මන් අංක 01 තුන් ඉරියව් එක්දින ක්‍රීඩකයා ද වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22