නන්දන ගුණතිලකගේ දේහය පානදුරේ පෞද්ගලික මල්ශාලාවක් වෙත රැගෙන එයි

අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය නන්දන ගුණතිලක මහතාගේ දේහය අද (18) දහවල් පානදුරේ පිහිටි පෞද්ගලික මල්ශාලාවක් වෙත රැගෙන එනු ලැබුවා.

කලක් රෝගාතුරව සිටි ඔහු රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (18) අලුයම අභාවප්‍රාප්ත වුණා.

අභාවප්‍රාප්තවන විට නන්දන ගුණතිලක මහතා 63 වියේ පසු වුණා.

ජනතා විමුක්ති පෙරමුණේ මුල් කාලීන සාමාජිකයෙකු වූ ඔහු ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් ජනාධිපතිවරණයට ද ඉදිරිපත් වූ අපේක්ෂකයෙක්.

ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් පසු කලෙක එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පාර්ලිමේන්තුවට පිවිසි ඔහු එම ආණ්ඩුවේ වැඩබලන තැපැල් හා විදුලි සංදේශ සහ සංචාරක අමාත්‍ය ධුරයේ කටයුතු කළා.

පසුකාලීනව ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත් වූ ඔහු එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව දේශපාලන කටයුතු කළා.

එහිදී ඔහු එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පානදුර නගර සභාවේ නගරාධිපති ධුරයට ද තේරී පත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?