නඩු භාණ්ඩ ගබඩාවෙන් ගිනි අවි ඉස්සූ අධිකරණ සේවකයන් අත්අඩංගුවේ

මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ සොරකම සම්බන්ධයෙන් අධිකරණ සේවකයන් ඇතුලු 3 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ තිබූ නඩු භාණ්ඩ අස්ථානගත වීම සම්බන්ධයෙන් පසුගිය ජුලි මස 12 වනදා මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය වෙත පැමිණිල්ලක් ලැබී තිබූ අතර ඒ අනුවයි විමර්ශන ආරම්භ වී ඇත්තේ.

මෙම සොරකම සම්බන්ධයෙන් පසුගිය නොවැම්බර් මස 26 සහ 28 දිනවල මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ බහු කාර්යය සංවර්ධන නිලධාරීන් ලෙස සේවය කළ දෙදෙනෙකු සහ පසුගිය 2 වනදා තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දෙවනදා මෙම සොරකමට ආධාර අනුබල දීම සහ මිලට ගැනීම සම්බන්ධව තවත් සැකකරුවන් දෙදෙනෙකු ද මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙම සැකකරුවන් සොරකම් කළ ටී 56 වර්ගයේ ගිනි අවියක් සහ රිවොල්වර අවියක් අලෙවි කර තිබියදී විමර්ශන නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.

දෙවනදා අත්අඩංගුවට ගත් තුන්වන සැකකරු රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කිරීමේදී මාතර අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ තිබී සොරකම් කර අලෙවි කරන ලද තවත් ගිනි අවි දෙකක් සම්බන්ධයෙන් ද තොරතුරු හෙළිවී ඇතැයි සඳහන්.

ඒ අනුව පසුගිය 4 වනදා සහ 6 වනදා ඊට ආධාර අනුබල දුන් තවත් සැකකරුවන් දෙදෙනෙකු සහ එම අවි දෙක රුපියල් 220,000කට මිලදී ගත් තවත් සැකකරුවෙකු ද අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔහු සන්තකයේ තිබී රිවොල්වර වර්ගයේ අවියක් හා මෙරට නිෂ්පාදිත මිලිමීටර් 9 වර්ගයේ පතොරම් යෙදිය හැකි රිවොල්වර අවියකට සමාන අවියක් ද විමර්ශන නිලධාරීන් සොයාගෙන තිබෙනවා.

මෙම සොරකම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් අවුරුදු 27 30 සහ 30 වයස්වල පසුවන නාඳුගල සහ වෙහෙරහේන ප්‍රදේශවල පදිංචිකරුවන්.

විමර්ශනවලට අනුව මාතර අධිකරණයෙන් සොරා ගන්නා ලද ටී 56 වර්ගයේ ගිනි අවියක්, රිවොල්වර අවි දෙකක් සහ මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සොයාගෙන තිබෙනවා.

අපරාධයට සම්බන්ධ අධිකරණයේ බහු කාර්ය සංවර්ධන නිලධාරීන් රඳවා තබාගෙන මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයයි වැඩිදුර පරීක්ෂණ සිදු කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05


?