නඩු භාණ්ඩ ගබඩාවෙන් ගිනි අවි ඉස්සූ අධිකරණ සේවකයන් අත්අඩංගුවේ

මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ සොරකම සම්බන්ධයෙන් අධිකරණ සේවකයන් ඇතුලු 3 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ තිබූ නඩු භාණ්ඩ අස්ථානගත වීම සම්බන්ධයෙන් පසුගිය ජුලි මස 12 වනදා මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය වෙත පැමිණිල්ලක් ලැබී තිබූ අතර ඒ අනුවයි විමර්ශන ආරම්භ වී ඇත්තේ.

මෙම සොරකම සම්බන්ධයෙන් පසුගිය නොවැම්බර් මස 26 සහ 28 දිනවල මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ බහු කාර්යය සංවර්ධන නිලධාරීන් ලෙස සේවය කළ දෙදෙනෙකු සහ පසුගිය 2 වනදා තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දෙවනදා මෙම සොරකමට ආධාර අනුබල දීම සහ මිලට ගැනීම සම්බන්ධව තවත් සැකකරුවන් දෙදෙනෙකු ද මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙම සැකකරුවන් සොරකම් කළ ටී 56 වර්ගයේ ගිනි අවියක් සහ රිවොල්වර අවියක් අලෙවි කර තිබියදී විමර්ශන නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.

දෙවනදා අත්අඩංගුවට ගත් තුන්වන සැකකරු රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කිරීමේදී මාතර අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ තිබී සොරකම් කර අලෙවි කරන ලද තවත් ගිනි අවි දෙකක් සම්බන්ධයෙන් ද තොරතුරු හෙළිවී ඇතැයි සඳහන්.

ඒ අනුව පසුගිය 4 වනදා සහ 6 වනදා ඊට ආධාර අනුබල දුන් තවත් සැකකරුවන් දෙදෙනෙකු සහ එම අවි දෙක රුපියල් 220,000කට මිලදී ගත් තවත් සැකකරුවෙකු ද අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔහු සන්තකයේ තිබී රිවොල්වර වර්ගයේ අවියක් හා මෙරට නිෂ්පාදිත මිලිමීටර් 9 වර්ගයේ පතොරම් යෙදිය හැකි රිවොල්වර අවියකට සමාන අවියක් ද විමර්ශන නිලධාරීන් සොයාගෙන තිබෙනවා.

මෙම සොරකම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් අවුරුදු 27 30 සහ 30 වයස්වල පසුවන නාඳුගල සහ වෙහෙරහේන ප්‍රදේශවල පදිංචිකරුවන්.

විමර්ශනවලට අනුව මාතර අධිකරණයෙන් සොරා ගන්නා ලද ටී 56 වර්ගයේ ගිනි අවියක්, රිවොල්වර අවි දෙකක් සහ මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සොයාගෙන තිබෙනවා.

අපරාධයට සම්බන්ධ අධිකරණයේ බහු කාර්ය සංවර්ධන නිලධාරීන් රඳවා තබාගෙන මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයයි වැඩිදුර පරීක්ෂණ සිදු කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04
Video thumbnail
ආණ්ඩුව නියමයි මෙහෙම තමයි කරන්න ඕන..නියමයි නියමයි
01:11
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු
01:09
Video thumbnail
මහ සෙනඟක් ජනපති ළඟට එන්න පොරකයි
01:16
Video thumbnail
බිබිලට තද වැසි ඇදහැලුණු අයුරු මෙන්න - කාලගුණය වෙනස් වුණු හැටි
00:25
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු - මහ ජන ගඟින් භූමිය වැසී ගිහින්
01:13
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස - කොහොමද වහින වැස්ස - පාරවල් උතුරයි
01:15
Video thumbnail
තව අවු: 40කටවත් යන්නේ නෑ NPP එක - නිධානයක් උඩ ඉදගෙන හිඟා කකා හිටියේ අපි
05:07
Video thumbnail
ප#ළිගැනීම්වල ඉතිහාසය හෙළිකරපු ජනපති - තව මේ වාරේ අවු:3යි..තව වාර ගොඩක් තියෙනවා
05:20
Video thumbnail
"නොම්බර එකයි මහත්තයෝ ආ ආණ්ඩුව නියමයි"කහටගස්දිගිලියේ මිනිස්සුන්ගෙන් ජනපතිට ප්‍රශංසා
02:27