මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයේ පිස්කල් නිලධාරීවරයාව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
අද (27) පෙරවරුවේ වෙන්නප්පුවේදී සැකකාර පිස්කල්වරයා අත්අඩංගුවට ගැනුණා.
වෙන්නප්පුවේ පදිංචිකරුවෙකුගේ ඉඩමක් සම්බන්ධයෙන් පිස්කල් නියෝගයක් ක්‍රියාත්මක කිරීම සඳහා මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයේ පිස්කල් නිලධාරියා අදාළ ව්‍යාපාරිකයාගෙන් රුපියල් 50,000 ක මුදලක් ඉල්ලා තිබෙනවා.
එම මුදලින් රුපියල් 10,000 ක් ව්‍යාපාරිකයා විසින් පිස්කල් නිලධාරියාට මීට පෙර ලබා දී ඇති අතර ඉතිරි රුපියල් 40,000 ක මුදල වෙන්නප්පුවේ පදිංචි ව්‍යාපාරිකයාගේ නිවසේ දී ලබා ගන්නා අවස්ථාවේ දී පිස්කල් නිලධාරියාව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
අත්අඩංගුවට ගත් සැකකාර පිස්කල් නිලධාරියාව මාදම්පේ පොලීසියට ගෙනවිත් රඳවාගෙන ප්‍රකාශ සටහන් කර ගැනීමට අල්ලස් කොමිසමේ නිලධාරීන් කටයුතු කළා.
සැකකරු මාරවිල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.