AFC Banner
Empty Ad
Empty Ad

නඩුබඩු කාමරයේ තිබූ මිලියන ගාණක හෙරොයින් අතුරුදන් වීම ගැන උසාවියෙන් CID වෙත නියෝගයක්

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ නඩුබඩු කාමරයේ තිබූ රුපියල් මිලියන 240 ක් වටිනා හෙරොයින් කිලෝ 12 ක් අස්ථානගතවීමේ සිද්ධියට තවත් පුද්ගලයන් සම්බන්ධව සිටී ද යන්න පිළිබඳව හඳුනාගැනීම සඳහා බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් දෙදෙනකුගෙන් ප්‍රකාශ ලබා ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (26) නියෝග කළා.

හෙරොයින් කිලෝ 12ක් අස්ථානගතවීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ නඩුබඩු කාමරයේ හිටපු භාරකරු වන මොහොමඩ් නියාස් මොහොමඩ් නද්මි නමැත්තාගෙන් හා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුබඩු කාමරයේ තිබූ විස්කි බෝතල් අතුරුදන්වීම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සම්පත් නමැති සැකකරුවන් දෙදෙනාගෙන් එසේ ප්‍රකාශ ලබාගැනීමට අධිකරණයෙන් නියම වූ බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුබඩු කාමරයේ තිබූ හෙරොයින් කිලෝග්‍රෑම් 12ක් අස්ථානගතවීමේ සිද්ධියට තවත් පුද්ගලයන් සම්බන්ධවී තිබේ ද යන්න පිළිබඳ ව විමර්ශනය කිරීම සඳහා අදාළ සැකකරුවන් දෙදෙනාගෙන් ප්‍රකාශ ලබා ගැනීමට අවසර ලබාදෙන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර කුමාර මාමාව බලන්න ඕනේ - දරුවෙක් හඬා වැටෙයි
01:04
Video thumbnail
මන්ත්‍රීවරු 85කගේ විශ්‍රාම වැටුප අහිමි වෙයි
03:25
Video thumbnail
බිත්තර සහ කුකුළ් මස් මාෆියාව ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක් / ජනපතිගේ අවධානය පිණිසයි
03:05
Video thumbnail
අපි අනුරව ගෙනාවේ බිත්තර මිල අඩු කරවගන්න - ජනතාව කියයි
02:05
Video thumbnail
ගෝල්ෆේස් වාහන ගැන ජනපතිගෙන් නියෝගයක් - දවස් දෙකයි දෙන්නේ වැඩේ කරන්න
13:47
Video thumbnail
මහින්ද අමරවීරගේ - මහ ලොකු කෙරුවාවක් Leak වෙයි - ආණ්ඩුව ආව විතරයි වංචා ඔක්කොම එළියට #npp
04:31
Video thumbnail
ඊයේ අතන, අද මෙතන, හෙට කොතනද..?
03:35
Video thumbnail
බුද්ධ ශාසන ඇමති විජිත හේරත්ට - කස්සප හිමිගෙන් පැමිණිල්ලක් #wijithaherath #npp
04:18
Video thumbnail
රනිල් ළඟට ගිය පොහොට්ටුවේ ලොක්කෙක් දිලිත් ළඟට පනී
10:43
Video thumbnail
මංගලගේ ආරක්ෂකයා ළඟ තවමත් තිබූ පිස්තෝලය
03:02

?