නංගිව බේරාගන්න සමීම් පුතා දියට පැන්නා. දෙන්නම ගිලුණා

“අපි කොළඹ ගොස් නුවරඑළිය හරහා නිවෙසට යෑමට යනවිට මියගිය මගේ මස්සිනා වන නියාස් අයියා කීවා ඇල්ලවල ඇල්ලට ගිහින් නාලා යමු කියලා. ඒ අනුව අපි කට්ටිය ඇල්ලවල ඇල්ල අසලට ගියා. මමයි, අක්කයි, පොඩි දරුවන් දෙදෙනයි ඇල්ල අසල සිටියදී මියගිය පාතිමා දියණියයි සමීම් පුතයි නාන්න ඇල්ලට බැස්සා. එවිට පාතිමා දුව දියේ ගිලුණා. නංගිව බේරාගන්න සමීම් පුතා දියට පැන්නා. දෙන්නම ගිලුණා. ඒ දෙන්නාම බේරගන්න නියාස් අයියාත් දියට පැන්නා” යැයි වැල්ලවාය ඇල්ලවල ඇල්ලේ ගිලී මියගිය එකම පවුලේ පියා, පුතා සහ දියණිය මිය යෑමේ සිද්ධිය පිළිබඳව විස්තර කළ පවුලේ ඥාතියකු වන මොහොමඩ් නසීම් (21) මහතා පැවැසීය.කාන්තන්කුඩි බදුරියා පාර අංක 3/42 පදිංචි මොහොමඩ් කාසිම් මොහොම්මදු නියාස් (38), මොහොම්මදු නියාස් මොහොමඩ් සමීම් (15), මොහොම්මදු නියාස් පාතිමා සමීම් (11) යන තිදෙනා දියේ ගිලී මෙසේ මියගොස් තිබිණි.

සිද්ධිය පිළිබඳව වැඩිදුරටත් කරුණු විස්තර කළ මොහොමඩ් නසීම් මෙසේද කීය.

“මගේ අක්කා වන පාතිමා රිස්නා විවාහ වී සිටින්නේ මොහොමඩ් නියාස් යන අය සමඟයි.මගේ මස්සිනා ව්‍යාපාර කටයුතුවල නිරතව සිටිනවා. ඔහුට පුතකු සහ දියණියන් තිදෙනෙක් සිටිනවා. මියගිය මොහොමඩ් සමීම් කාන්තන්කුඩි හිලුරියා මුස්ලිම් විද්‍යාලයේ නව වැනි වසරේත් මියගිය පාතිමා සමීම් එම පාසලේම හය වැනි වසරේත් ඉගෙනුම ලබනවා. අක්කාගේ අවුරුදු හයක් වයසැති දියණිය වන පාතිමා සීමාට (PaThiMa SeeMa) හදවත් රෝගයක් තිබුණා. ඇය වෛද්‍යවරයකුට පෙන්වීම සඳහා අපි කට්ටිය කොළඹ පෞද්ගලික රෝහලකට ගිහින් දරුවාව පෙන්නුවා. පසුව අපි නුවරඑළියට ගොස් එහි සිට කාන්තන්කුඩි ගමට යෑමට පිටත් වුණා. මඟදී අපිත් එක්ක ගිය අක්කාගේ මහත්තයා (මස්සිනා) කිව්වා අපි වැල්ලවාය ඇල්ලවල ඇල්ලට ගිහින් නාලා ගෙදර යමු කියලා. ඒ අනුව අපි ඇල්ල ළඟට ගියා. වෑන්රථය රථගාලේ නතර කර රියැදුරු එහි සිටියා. මමයි, අක්කයි, මස්සිනයි, දරුවන් හතර දෙනයි ඇල්ල ළඟට ගියා. මස්සිනයි, ලොකු පුතයි, ලොකු දුවයි ඇල්ලට බැස්සා. මමයි, අක්කයි, පොඩි දුවලා දෙන්නයි ඇල්ල අසල සිටියා. මම දැක්කා මියගිය පාතිමා දුව දියේ ගිලෙනවා. ඒ එක්කම සමීම් පුතා නංගිව බේරගන්න දියට පැන්නා. දුවයි, පුතයි බේරගන්න මස්සිනාත් දියට පැන්නා. තුන්දෙනාම දියේ ගිලී නොපෙනී ගියා. අපි කෑගැසුවා. අසල්වාසීන් පැමිණ දියේ ගිලී සිටි මස්සිනාවයි, පුතාවයි, දියණියවයි ගොඩට ගත්තා.ඒ වනවිටත් තිදෙනාම මියගිහින්. පසුව තිදෙනාගේ මළසිරුරු මොනරාගල රෝහලට රැගෙන ගියා…”

මියගිය තිදෙනාගේ මරණ පිළිබඳව මරණ පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (21දා) මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබිණි.

වැල්ලවාය පොලිසිය සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වයි.

බිබිල _ නඳුන් ගුණතිලක
සම්පූර්ණ උපුටා ගැනීම “මව්බිම” පුවත්පත

වැල්ලවායම කම්පා කරමින් විනෝද චාරිකාවක් පැමිණි පියා,පුතු සහ පුංචි දියණිය අවසන් ගමන් යයි..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පුනානි ප්‍රදේශයේ කසල බැහැර කරන ස්ථානය නිසා අලින්ට අත්වී ඇති ඉරණම - ජීවිත දැඩි අවදානමක
00:51
Video thumbnail
නිදන් සොයා කැනීම් කරමින් සිටි දෙදෙනකු උපකරණ එක්ක කුදලන් එයි
00:50
Video thumbnail
නුවරඑළියේ පෝනින් නිසා අනතුරු රැල්ලක් - CCTV කැමරාවේ සටහන් වූ අයුරු
00:41
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසක් චමල් හෙළිකරයි - භාණ්ඩාගරයේ සල්ලි තිබුණට වෛද්‍ය සැපයුම් ඒකකය අසමත්
15:20
Video thumbnail
කොළඹට ඇදහැලුණු මහ වැස්ස - ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි
01:57
Video thumbnail
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් - ගතවූ කාලයේ මිලිමීටර 200ක වර්ෂාපතනයක්
09:06
Video thumbnail
මහ ජල ගඟෙන් වැහුණ වාද්දුව නගරය - වෙළෙඳසැල් කිහිපයක් ජලයෙන් යටවෙයි
01:25
Video thumbnail
රටට සුබයි කිව්වා..මේ වගේ අසුබ කාලයක් තේ ගොවියට ලැබිලා නෑ - ආණ්ඩුවට දැඩි චෝදනාවක්
13:53
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56