වැල්ලවායම කම්පා කරමින් විනෝද චාරිකාවක් පැමිණි පියා,පුතු සහ පුංචි දියණිය අවසන් ගමන් යයි..

වැල්ලවාය ඇල්ලවල දිය ඇල්ලේ දිය නෑමට ගිය එකම පවුලේ තුන්දෙනෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ පියා සහ දරුවන් දෙදෙනෙක්.

ඔවුන් අද පස්වරුවේ දිය ඇල්ල නැරඹීමට සහ දිය නෑම සඳහා පැමිණි අවස්ථාවේ මෙම අනතුරට ලක්ව ඇතැයි අප වාර්තාකරු සඳහන් කළා. ඔවුන් කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචිකරුවන්.

මියගිය පුද්ගලයා 38 හැවිරිදි අයෙක් වන අතර ඔහුගේ අවුරුදු 15ක පුත්‍රයා සහ අවුරුදු 11ක දියණිය දියේ ගිලීමෙන් මියගොස් තිබෙනවා. දියේ ගිලුණු පිරිස ප්‍රදේශයේ තරුණයන් පිරිසක් විසින් බේරාගෙන ඇතත් ඔවුන් ඒවන විටත් මියගොස් ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

මළ සිරුරු සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිත අතර වැල්ලවාය පොලිසිය පරීක්ෂණ සිදුකරනවා. මේ අතර පසුගිය 7 වනදා ද ඇල්ලවල ඇල්ලේ දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලීමෙන් මරණයට පත්වුණා. ඔහු එම අනතුරට ලක්ව තිබුණේ මිතුරන් පිරිසක් සමග දිය නෑමට ගොස් සිටියදීයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා රටේ ජනතාවට හොඳ උත්තරයක් දුන්නා
10:27
Video thumbnail
22 මහ පාරේ පරද්දන්න අපි ලෑස්තියි
11:28
Video thumbnail
JVP කියන්නේ මේ ව්‍යවස්ථා සෙල්ලම් නිසා සල්ලම් වුණ ව්‍යාපාරයක් - ඔය ඔක්කොම සෙල්ලම් ව්‍යවස්ථා සෙල්ලම්
13:37
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
00:00
Video thumbnail
විශ්වවිද්‍යාල ටික කළු වෙයි - වෘත්තීය ක්‍රියාමාර්ග අපි අත්හිටුවන්නේ නෑ
05:12
Video thumbnail
පුනානි ප්‍රදේශයේ කසල බැහැර කරන ස්ථානය නිසා අලින්ට අත්වී ඇති ඉරණම - ජීවිත දැඩි අවදානමක
00:51
Video thumbnail
නිදන් සොයා කැනීම් කරමින් සිටි දෙදෙනකු උපකරණ එක්ක කුදලන් එයි
00:50
Video thumbnail
නුවරඑළියේ පෝනින් නිසා අනතුරු රැල්ලක් - CCTV කැමරාවේ සටහන් වූ අයුරු
00:41
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසක් චමල් හෙළිකරයි - භාණ්ඩාගරයේ සල්ලි තිබුණට වෛද්‍ය සැපයුම් ඒකකය අසමත්
15:20
Video thumbnail
කොළඹට ඇදහැලුණු මහ වැස්ස - ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි
01:57