නගරයක් විනාශ කළ හැකි ග්‍රහකයක් පෘථිවිය අසලට

නගරයක් විනාශ කිරීමට තරම් විශාලත්වයකින් යුත් ග්‍රහකයක් මෙම සති අන්තයේ පෘථිවි කක්ෂය සහ චන්ද්‍රයා අතර ගමන් කරන බව නාසා ආයතනය පවසනවා.

2023 DZ2 ලෙස නම් කර ඇති මෙම ග්‍රාහකය සොයා ගැනුණේ මීට මාසයකට පමණ පෙරාතුවයි.

අද එය පෘථිවිය හරහා පියාසර කිරීමට පෙර චන්ද්‍රයාගේ සිට කිලෝමීටර් 515,000ක් දුරකින් ගමන් කරනු ඇති බවටයි වාර්තා වන්නේ.

විශ්කම්භය මීටර් 40ත් 90ත් අතර යැයි ඇස්තමේන්තු කර ඇති මෙතරම් දැවැන්ත ග්‍රහකයක් පෘථිවියට මෙතරම් සමීප වීම දුර්ලභ බව සඳහන්.

පෘථිවියේ ගැටීමේ සම්භාවිතාවක් ඇති මෙවැනි භයානක වස්තුවක් සොයාගනු ලැබුවහොත්, තාරකා විද්‍යාඥයින්ට ග්‍රහක පිළිබඳ දැනුම වැඩි කර ගැනීමට එය වැදගත් අවස්ථාවක් වන බව නාසා ආයතනය පෙන්වා දෙනවා.

යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සියේ ග්‍රහලෝක ආරක්ෂක ප්‍රධානී රිචඩ් මොයිස්ල් පැවසුවේ මෙම ග්‍රහකයෙන් පෘථිවියට බලපෑමක් නොමැති බවයි.

කෙසේවෙතත් එය සමීප ප්‍රවේශය නිරීක්ෂණ සඳහා හොඳ අවස්ථාවක් බවයි ඔවුන් සඳහන් කළේ.

මෙම ග්‍රාහකයා පෘථිවියට කිලෝමීටර් 68,000ක් පමණ දුරින් ගමන් කරන බැවින්, දුරදක්න සහ කුඩා දුරේක්ෂ හරහා ලොව පුරා ජනතාවට දැක බලා ගැනීමට හැකිවනු ඇති බවටයි අනාවැකි පළ වන්නේ.

එහි ප්‍රවේශයේ සජීවී විකාශනයක් The Virtual Telescope Project විසින් ලබාදීමට ද සැලසුම් කර තිබෙනවා.

මෙම ග්‍රහ වස්තුව 2026 වසරේ දී පෘථිවි කක්ෂය දෙසට ආපසු පැමිණීමට නියමිත බවට විශ්වාස කෙරෙන අතර එම අවස්ථාවෙහිදී ද එමගින් පෘථිවියට තර්ජනයක් නොමැති බවටයි විද්‍යාඥයින් ප්‍රකාශ කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලෝකෙ ප්‍රශ්න තියෙනකොට දැන් අපිට උණ සන්නිපාතය හැදිලා - ඇයි දැනගෙන බොරු කිව්වේ
11:42
Video thumbnail
කෝලිකුට්ටු උස්සගෙන ආ හෙක්ටර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
03:38
Video thumbnail
ආණ්ඩුව වහල්ලුන්ට මුදල් දීලා ජනප්‍රිය වෙන්න හදනවා
18:33
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:12
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07