spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නගරයක් විනාශ කළ හැකි ග්‍රහකයක් පෘථිවිය අසලට

නගරයක් විනාශ කිරීමට තරම් විශාලත්වයකින් යුත් ග්‍රහකයක් මෙම සති අන්තයේ පෘථිවි කක්ෂය සහ චන්ද්‍රයා අතර ගමන් කරන බව නාසා ආයතනය පවසනවා.

2023 DZ2 ලෙස නම් කර ඇති මෙම ග්‍රාහකය සොයා ගැනුණේ මීට මාසයකට පමණ පෙරාතුවයි.

අද එය පෘථිවිය හරහා පියාසර කිරීමට පෙර චන්ද්‍රයාගේ සිට කිලෝමීටර් 515,000ක් දුරකින් ගමන් කරනු ඇති බවටයි වාර්තා වන්නේ.

විශ්කම්භය මීටර් 40ත් 90ත් අතර යැයි ඇස්තමේන්තු කර ඇති මෙතරම් දැවැන්ත ග්‍රහකයක් පෘථිවියට මෙතරම් සමීප වීම දුර්ලභ බව සඳහන්.

පෘථිවියේ ගැටීමේ සම්භාවිතාවක් ඇති මෙවැනි භයානක වස්තුවක් සොයාගනු ලැබුවහොත්, තාරකා විද්‍යාඥයින්ට ග්‍රහක පිළිබඳ දැනුම වැඩි කර ගැනීමට එය වැදගත් අවස්ථාවක් වන බව නාසා ආයතනය පෙන්වා දෙනවා.

යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සියේ ග්‍රහලෝක ආරක්ෂක ප්‍රධානී රිචඩ් මොයිස්ල් පැවසුවේ මෙම ග්‍රහකයෙන් පෘථිවියට බලපෑමක් නොමැති බවයි.

කෙසේවෙතත් එය සමීප ප්‍රවේශය නිරීක්ෂණ සඳහා හොඳ අවස්ථාවක් බවයි ඔවුන් සඳහන් කළේ.

මෙම ග්‍රාහකයා පෘථිවියට කිලෝමීටර් 68,000ක් පමණ දුරින් ගමන් කරන බැවින්, දුරදක්න සහ කුඩා දුරේක්ෂ හරහා ලොව පුරා ජනතාවට දැක බලා ගැනීමට හැකිවනු ඇති බවටයි අනාවැකි පළ වන්නේ.

එහි ප්‍රවේශයේ සජීවී විකාශනයක් The Virtual Telescope Project විසින් ලබාදීමට ද සැලසුම් කර තිබෙනවා.

මෙම ග්‍රහ වස්තුව 2026 වසරේ දී පෘථිවි කක්ෂය දෙසට ආපසු පැමිණීමට නියමිත බවට විශ්වාස කෙරෙන අතර එම අවස්ථාවෙහිදී ද එමගින් පෘථිවියට තර්ජනයක් නොමැති බවටයි විද්‍යාඥයින් ප්‍රකාශ කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?