AFC Banner
Empty Ad
Empty Ad

ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දීමක්

තද සුළං සහ මුහුද රළු වීම පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සඳහා අද පස්වරු 3ට මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ හෙට (16) පස්වරු 3 දක්වා වලංගු වන ආකාරයෙන්.

එහි දැක්වෙන්නේ අන්දමන් සහ නිකොබාර් දූපතට යාබද ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති අඩු පීඩන කලාපය අද උදෑසන 08.30 වන විට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී බටහිර මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අක්ෂාංශ 14.5N සහ දේශාංශ 86.8E ආසන්නයේ ස්ථානගතව පැවති බවයි.

එය උතුරට බරව වයඹ දෙසට ගමන් කර හෙට (16) උදෑසන වන විට බටහිර මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේදී ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමට ඉඩකඩ පවතිනවා.

මේ හේතුවෙන් උතුරු අක්ෂාංශ 10 සහ 19ත් නැගෙනහිර දේශාංශ 82 සහ 90ත් අතර මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 40ක් 45ක් පමණ වන අතර ඇතැම් විට පැයට කිලෝමීටර් 50ක් 60ක් පමණ දක්වා වැඩි විය හැකියි.

එම මුහුදු ප්‍රදේශ රළු හෝ ඉතා රළු වන අතර තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ද ඇතිවීමේ හැකියාවක් පවතිනවා.

උතුරු අක්ෂාංශ 10 සහ 19ත් සහ නැගෙනහිර දේශාංශ 82සහ 90ත් අතර මුහුදු ප්‍රදේශයට ඉදිරි පැය 24 තුළ යාත්‍රා නොකරන ලෙසටයි ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දෙන්නේ.

දැනට මෙම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදී සිටින පිරිස වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙසට දැනුම්දී තිබෙනවා.

එමෙන්ම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ සිය අවධානය යොමු කරන ලෙසටයි ධීවර සහ නාවික ප්‍රජාවගෙන් ඉල්ලීමක් කෙරෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?