ධනුෂ්කගේ තහනම ඉවත් කිරීමේ ක්‍රමයට ඇමතිගේ විරෝධය

ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහි ව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පනවනු ලැබූ වාරණය ඉවත් කිරීමේ ක්‍රමවේදයට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහගේ විරෝධය එල්ල වී තිබෙනවා.

අද පෙරවරුවේ දී ධනුෂ්කට එරෙහි ව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල වශයෙන් පනවා තිබූ වාරණය ඉවත් කළේ; පසුගියදා ඔහු ඔස්ට්‍රේලියාවේ සිඩ්නි අධිකරණයෙන් සම්පූර්ණයෙන් ම නිදොස් කොට නිදහස් කිරීමේ සිදුවීම සම්බන්ධවයි.

නමුත් ක්‍රීඩා අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ධනුෂ්කගේ ක්‍රියා කලාපයට එරෙහි ව මෙරට අධිකරණය තුළ නඩුවක් පවතින බැවින්; අධිකරණයට නොදන්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් පැනවූ තහනම ඉවත් කිරීමට තනි තීරණයක් ගත නොහැකි බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නීති උපදෙස් ගන්නේ කාගෙන් ද දැයි තමන් නොදන්නා බවත්, ක්‍රිකට් ආයතනය මෙරට නීතිය නොදන්නා බවත් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ සඳහන් කරනවා.

ක්‍රීඩා අමාත්‍යංශය විසින් ධනුෂ්කගේ ක්‍රිකට් තහනම පැනවූයේ; අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමෙන් පසුව බවත් ක්‍රීඩා සභාවේ මැදිහත්වීමෙන් නීතිපති උපදෙස් රහිත ව නැවත තහනම ඉවත් කිරීමේ හැකියාවක් නැති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ පිළිබඳව ක්‍රීඩා සභාවේ මතය ද තමන් විමසන බව ද හෙතෙම පැවසුවා.

මීට අමතර ව එක්දින ලෝක කුසලානයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වර්තමානයේ පත්ව තිබෙන තත්ත්වය පිළිබඳව ද අමාත්‍යවරයා ද මෙහිදී අදහස් දැක්වූවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
1
+1
1
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34