spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ධනුෂ්කගේ තහනම ඉවත් කිරීමේ ක්‍රමයට ඇමතිගේ විරෝධය

ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහි ව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පනවනු ලැබූ වාරණය ඉවත් කිරීමේ ක්‍රමවේදයට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහගේ විරෝධය එල්ල වී තිබෙනවා.

අද පෙරවරුවේ දී ධනුෂ්කට එරෙහි ව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල වශයෙන් පනවා තිබූ වාරණය ඉවත් කළේ; පසුගියදා ඔහු ඔස්ට්‍රේලියාවේ සිඩ්නි අධිකරණයෙන් සම්පූර්ණයෙන් ම නිදොස් කොට නිදහස් කිරීමේ සිදුවීම සම්බන්ධවයි.

නමුත් ක්‍රීඩා අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ධනුෂ්කගේ ක්‍රියා කලාපයට එරෙහි ව මෙරට අධිකරණය තුළ නඩුවක් පවතින බැවින්; අධිකරණයට නොදන්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් පැනවූ තහනම ඉවත් කිරීමට තනි තීරණයක් ගත නොහැකි බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නීති උපදෙස් ගන්නේ කාගෙන් ද දැයි තමන් නොදන්නා බවත්, ක්‍රිකට් ආයතනය මෙරට නීතිය නොදන්නා බවත් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ සඳහන් කරනවා.

ක්‍රීඩා අමාත්‍යංශය විසින් ධනුෂ්කගේ ක්‍රිකට් තහනම පැනවූයේ; අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමෙන් පසුව බවත් ක්‍රීඩා සභාවේ මැදිහත්වීමෙන් නීතිපති උපදෙස් රහිත ව නැවත තහනම ඉවත් කිරීමේ හැකියාවක් නැති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ පිළිබඳව ක්‍රීඩා සභාවේ මතය ද තමන් විමසන බව ද හෙතෙම පැවසුවා.

මීට අමතර ව එක්දින ලෝක කුසලානයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වර්තමානයේ පත්ව තිබෙන තත්ත්වය පිළිබඳව ද අමාත්‍යවරයා ද මෙහිදී අදහස් දැක්වූවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
1
+1
1
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?