ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ සංවිධානාත්මක අපරාධකරුවන් වන ‘දොස්තර සුද්දා’ සහ ‘මේනක’ගේ ප්‍රධාන ගෝලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී රුපියල් ලක්ෂයක් පමණ වටිනා හෙරොයින් මත්ද්‍රව්‍ය ද සොයාගැනීමට හැකිව ඇති බවයි වාර්තා වුණේ.
හික්කඩුව පොලිස් වසමේ ටිරානගම ප්‍රදේශයේ දී ඊයේ (31) සිදුකළ වැටලීමක දී 30 හැවිදිරි මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.
සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වී ඇත්තේ 2019 වසරේ අගෝස්තු 03 වන දින අම්බලන්ගොඩ, කුලීගොඩ හංදියේ දී වැලිකඩ බන්ධනාගාර පුහුණු පාසලට අනුයුක්තව සේවය කළ ජේලර්වරයෙකු ඝාතනය කිරීමේ සිද්ධියකට ඔහු සම්බන්ධ බවටයි.
අත්අඩංගුවට ගැනුණු සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා හික්කඩුව පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කර තිබෙනවා.














EKKO MU WATHU HARI BUS HARI KONDOSTHARA KEKE DHA, NATHINAM DOSTARA LAGEMA GEWAL SUDDA KALA EKEK DHA.