දොස්තර නිලධාරීන්ට කුණුහරුපෙන් බැණ පන්නා දමති.

ඊයේ (8) ,දින දඹුල්ල ප්‍රාදේශීය ලේකම්බල ප්‍රදේශයේ ලෙනදොර රෝහලේ පැවැති කොරොනා එන්නත් කරණ වැඩ සටහනට සම්බන්ධ වු සංවර්ධන නිලධාරින්ව එන්නත් කරනයට සම්බන්ධ වෛද්‍ය වරයෙක් විසින් එන්නත් කරනයට පැමිණි ජනතාව ඉදිරිපිට බැන වැදි එන්නත් කරන භූමයෙන් එලවා දැමු බවත් එයට විරොධය පාමින් දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය සංවර්ධන නිලධාරින් එන්නත් කරන වැඩ සටහන් වලින් අද දවසේ සිට ඉවත් වෙන බව දඹුල්ල ප්‍රදේශිය ලේකම්වරයාට ලිපියක් මගින් දන්වා ඇත.

එම ලිපිය මගින් ඉල්ලා සිටිනුයේ අවම පහසුකම් යටතේ කොරොනා රාජකාරි සිදුකරන නිලධාරින් පිරිසක්වන සංවර්ධන නිලධාරින්ට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් ඉල්ලා සිටියද එය බලධාරින් නොසලකා හැරිය බවත් මේ පිලිබදව කඩිනම් අවධානය යොමු කොට සංවර්ධන නිලධාරින්ට රාජකාරි පසුබිමක් නිර්මානය කරදෙන ලෙසයි.

lankacnews – මහින්ද රත්නායක දඹුල්ල
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?