AFC Banner
Empty Ad
Empty Ad

දෛනික විදුලි කප්පාදුව ගැන දැන් කියන දේ

දිනපතා සිදුකරනු ලබන විදුලි කප්පාදුව අද සහ හෙට දිනයේදී ක්‍රියාත්මක කිරීමට සිදුවන බව විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කර සිටිනවා.

නොරොච්චෝල ගල් අගුරු බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර තුනෙන් දෙකක උත්පාදන කටයුතු මේවන විට යථා තත්ත්වයට පත් කර ගැනීමට හැකිව ඇති අතර තෙවන විදුලි ජනන යන්ත්‍රය නැවත ක්‍රියාත්මක කර ගැනීම සඳහා තවත් දින 02ක කාලයක් ගත වෙනු ඇති බවයි විදුලිබල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන සඳහන් කර සිටියේ.

මේ හේතුවෙන් අද (07) සහ හෙට(08) දිනයේද විදුලි කප්පාදුව සිදුකිරීමට සිදුවන බවයි විදුලිබල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ.

ඉකුත් සිකුරාදා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි සිදුවූ විදුලි බිඳ වැටීමත් සමග නොරොච්චෝලේ ගල් අගුරු විදුලි බලාගාරයේ විදුලි ජනනය කිරීම ද ඇන හිටිනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?