දෛනික මරණ විශාල ලෙස ඉහළ යනවා..කොරෝනා මරණ දත්ත ගැන සැකයි

කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් මරණයට පත්වන පුද්ගලයන් සම්බන්ධයෙන් රජය ඉදිරිපත් කරන සංඛ්‍යා ලේඛන පිළිගත නොහැකි තත්වයට පත්ව ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසන්නේ බිම් මට්ටමේ සැබෑ තත්වය මීට වඩා වෙනස් හා අතිශය භයානක බවය.

කොාරෝනා වසංගතය හේතුවෙන් සිදුවන ඇතැම් මරණ වාර්තා නොවන හෝ ප්‍රමාද වී වාර්තා වන තත්වයක් දක්නට ලැබෙන බව ඔහු සඳහන් කරයි.

පවතින වසංගත තත්වය පාලනය කිරීමට නම් පවත්නා තත්වය පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබාගත යුතු බවත් ඒ සඳහා නිවැරදි සංඛ්‍යා ලේඛන සකස් කිරීම වැදගත් බවත් පෙන්වා දෙන උපුල් රෝහණ මහතා පවසන්නේ එපමණක් නොව එම සංඛ්‍යා ලේඛන පිළිබඳව මහජනතාව දැනුවත් කළ යුතු බවය.

ඉන්දියාවේ පවත්නා තත්වයද කිසිසේත් නොසලකා හැරිය නොහැකි බවත්, ඉන්දියාව තුළ පවතින දැඩි අවදානම් තත්වය හේතුවෙන් ඉන්දියානුවන් දකුණු ඉන්දියාවේ සිට නීතිවිරෝධී ආකාරයෙන් මෙරටට පැමිණීමේ අවදානමක් තිබෙන බවත් ඔහු පවසයි. ඒ සම්බන්ධයෙන් නිසි අවධානයෙන් සිටිය යුතු බව ඔහු අවධාරණය කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09