AFC Banner
Empty Ad
Empty Ad

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

2023/2024 තක්සේරු වර්ෂය සඳහා සියලුම ආදායම් බදු ගෙවීම් සැප්තැම්බර් 30 වැනි සඳුදා වන විට අවසන් කළ යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කළේ ආදායම් බදු ගෙවීම පැහැර හරින හෝ ප්‍රමාද කරන පුද්ගලයින්ට නීතිමය දඩුවම් සහ පොළී ගෙවීමට සිදුවන බවයි.

ඕනෑම බදු වර්ගයක් සඳහා ගෙවිය යුතු හිඟ බදු සැප්තැම්බර් 30 හෝ ඊට පෙර ගෙවිය යුතු බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අවධාරණය කළේ.

බදු නොගෙවන්නේ නම්, එම බදු අයකර ගැනීම සඳහා දේශීය ආදායම් පනතේ දක්වා ඇති පරිදි දෙපාර්තමේන්තුව නීතිමය ක්‍රියාමාර්ග ආරම්භ කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?