දේශබන්දුව ධුරයෙන් ඉවත් කරන කමිටුවෙන් වැඩබලන පොලිස්පතිට විශේෂ ලිපියක්

වැඩ තහනමකට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සිය ධුරයේ බලතල බරපතල අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත් කළ පරීක්ෂණ කමිටුවේ විමර්ශනවලට සහාය වීමට පොලිස් විමර්ශන කණ්ඩායමක් නම්කර එවන ලෙස වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දී තිබෙනවා.

අදාළ කමිටුව විසින් ලිපියක් මගින් මෙම දැනුම්දීම සිදුකර තිබෙනවා.

මෙම කමිටුව අද (25) පාර්ලිමේන්තුවේ දී දෙවැනි වරට රැස් වූ අවස්ථාවේදී මෙසේ දැනුම්දීම සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

එමෙන්ම කමිටුවට සහායවීමට නීතිපතිවරයා විසින් අතිරේක සොලිස්ටර් ජනරාල් (ජනාධිපති නීතිඥ) දිලීප පීරිස් සහ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් රජිත පෙරේරා යන අය නම් කර ඇති අතර, අද දින කමිටුව රැස්වී තවදුරටත් ඉදිරි කටයුතු මෙහෙයවිය යුතු ආකාරය සහ අදාළ පාර්ශ්වයන් සම්බන්ධකරගත යුතු ආකාරය පිළිබඳ මූලික සාකච්ඡා පවත්වා තිබෙනවා.

ඉදිරි කටයුතු සම්බන්ධව තීරණ ගැනීම සඳහා කමිටුව ලබන 28 වන දින (සඳුදා) නැවත රැස්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
12
+1
3
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?