දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නියෝගයක්

අරගලය පැවති සමයේ ගාලුමෝදර ගෝඨා ගෝ ගම අරගලයට පහරදීමේ සිද්ධියේ සහ ජනාධිපති මන්දිරයේ තිබී මුදල් සොයා ගැනීමේ සිද්ධියේ සැකකරුවකු වශයෙන් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් නම් කර ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කරගන්නා ලෙස නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමුකර තිබෙන ලිපියක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් අතුරු නියෝගයක් නිකුත් කළා.

එම ලිපිය මත ඉදිරි පියවර ගැනීම සහ ඒ මත දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අධිකරණය විසින් තවත් අතුරු නියෝග දෙකක් ද නිකුත් කරනු ලැබුවා.

දේශබන්දු තෙන්නකෝන් විසින් ඉදිරිපත් කළ රීට් පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන විනිසුරුවරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝග නිකුත් කළා.

ඒ, අනුව අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටි නීතිපතිවරයා පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ එහි ස්ථානාධිපතිට මැයි මස 10 වනදා අධිකරණයේ කරුණු දක්වන්නැයි දන්වා අධිකරණය විසින් නොතීසි ද නිකුත් කරනු ලැබුවා.

පෙත්සම්කාර දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ගාලු මුවදොර ගෝඨා ගෝ ගම අරගලයට පහර දීමේ සිද්ධියේ සහ ජූලි මස 09 වනදා ජනාධිපති මන්දිරයේ තිබී රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයකට අධික මුදල් සොයාගැනීමේ සිද්ධියේ සැකකරුවන් වශයෙන් තම සේවාදායකයා නම් කර ඔහුගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙස නීතිපතිවරයා විසින් ඉකුත් 19 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත උපදෙස් දෙමින් ලිපියක් යොමුකර ඇති බව සඳහන් කළා.

යම් සිද්ධියකට සම්බන්ධ පුද්ගලයෙකු සැකකරු වශයෙන් නම් කරන්නේ ද යන්න තීන්දු කළ යුත්තේ පොලිසිය බව සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා එවැනි තීරණයක්දීමට නීතිපතිවරයාට බලයක් නොමැති බව පෙන්වා දුන්නා.

යම්කිසි පුද්ගලයෙකු සැකකරුවකු වශයෙන් නම් කරන්නේද? නැද්ද? යන්න තීන්දු කළ යුත්තේ ඔහුට එරෙහිව ඉදිරිපත් වී ඇති කරුණු විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව පමණක් බවත් එය සිදුකළ යුත්තේ නීතිපතිවරයා අනුව පොලිසිය විසින් බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කර සිටියා.

පොලිස්පති ධුරය සම්බන්ධයෙන් උසස් වීම් පිරිනැමීමට නියමිත අවස්ථාවක හදිසියේ තම සේවාදායකයා සැකකරු වශයෙන් නම්කරන ලෙස දන්වමින් නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලිපියක් යොමු කිරීම විමතිය දනවන කරුණක් යැයි පෙන්වා දුන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා නීතිපතිවරයාගේ එම ක්‍රියා කලාපය ඔහුගේ බලය ඉක්මවා ගිය නීතිමය වලංගු භාවයක් නැති කටයුත්තක් බවත් චෝදනා කර සිටියා.

මේ තුළින් තම සේවාදායකයාට හිමි ස්වභාවික යුක්ති ධර්මය සහ මූලික අයිතිවාසිකම් කඩවීමක් සිදුවන බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා.

එබැවින් අදාළ ලිපිය ක්‍රියාත්මක වීම වැළැක්වීමේ සහ තම සේවාදායකයා අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝග නිකුත් කරන ලෙසත් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය අනතුරුව මෙම නියෝග නිකුත් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
00:00
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15