කිසියම් වරදකට බන්ධනාගාරගත වූවෙකු අනිවාර්‍යයෙන්ම බන්ධනාගාරයෙන් ලබාදෙන ආහාරපාන ලබාගත යුතු බව බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතා පවසනවා.
ඔවුන් හට බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් නිවේදනය කරනු ලබන විශේෂ දින (වෙසක් පොහොය, අලුත් අවුරුදු) වැනි දිනවල දී පමණක් නිසි ක්‍රමවේදයකට අනුව බාහිරින් ආහාරපාන ගෙන්වා ගැනීමට අවස්ථාව සැලසෙන බවයි බන්ධනාගාර කොමසාරිස්වරයා අද (26) පැවති මාධ්‍ය හමුවක දී දේශබන්දු තෙන්නකෝන් මහතා හට නිවසින් ලැබෙන ආහාරපාන ගැන මාධ්‍යවේදියා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් සඳහන් කළේ.
නමුත් කිසියම් පුද්ගලයෙකු රිමාන්ඩ් භාරයේ සිටියදී ඔහුට හෝ ඇයට තුන් වේලට ම බාහිරින් ආහාරපාන ඉල්ලා සිටීමේ අවස්ථාව පවතින බව ද තුෂාර උපුල්දෙණිය මහතා පවසනවා.
එමෙන්ම රිමාන්ඩ් සැකකරුවන් ව ඉරිදා හැර දෛනික ව බැලීමට ද අමුත්තන් හට අවස්ථාව හිමිවනවා.
මෙම අවස්ථාව ලැබෙන්නේ අවසර ලද නම් කළ පුද්ගලයින් තිදෙනෙකුට බවත් ඔවුන් හරහා තුන්වේලටම අවශ්‍ය ආහාර පාන ඔවුන් හට ලබාගත හැකි බවත් තුෂාර උපුල්දෙණිය මහතා වැඩිදුරටත් කියා සිටියා.