දේශබන්දු තෙන්නකෝන්ට තුන්වේලටම ගෙදරින් ආහාර ලැබෙන නීතිය ගැන පැහැදිලි කිරීමක් (වීඩියෝ)

කිසියම් වරදකට බන්ධනාගාරගත වූවෙකු අනිවාර්‍යයෙන්ම බන්ධනාගාරයෙන් ලබාදෙන ආහාරපාන ලබාගත යුතු බව බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතා පවසනවා.

ඔවුන් හට බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් නිවේදනය කරනු ලබන විශේෂ දින (වෙසක් පොහොය, අලුත් අවුරුදු) වැනි දිනවල දී පමණක් නිසි ක්‍රමවේදයකට අනුව බාහිරින් ආහාරපාන ගෙන්වා ගැනීමට අවස්ථාව සැලසෙන බවයි බන්ධනාගාර කොමසාරිස්වරයා අද (26) පැවති මාධ්‍ය හමුවක දී දේශබන්දු තෙන්නකෝන් මහතා හට නිවසින් ලැබෙන ආහාරපාන ගැන මාධ්‍යවේදියා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් සඳහන් කළේ.

නමුත් කිසියම් පුද්ගලයෙකු රිමාන්ඩ් භාරයේ සිටියදී ඔහුට හෝ ඇයට තුන් වේලට ම බාහිරින් ආහාරපාන ඉල්ලා සිටීමේ අවස්ථාව පවතින බව ද තුෂාර උපුල්දෙණිය මහතා පවසනවා.

එමෙන්ම රිමාන්ඩ් සැකකරුවන් ව ඉරිදා හැර දෛනික ව බැලීමට ද අමුත්තන් හට අවස්ථාව හිමිවනවා.

මෙම අවස්ථාව ලැබෙන්නේ අවසර ලද නම් කළ පුද්ගලයින් තිදෙනෙකුට බවත් ඔවුන් හරහා තුන්වේලටම අවශ්‍ය ආහාර පාන ඔවුන් හට ලබාගත හැකි බවත් තුෂාර උපුල්දෙණිය මහතා වැඩිදුරටත් කියා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12