දේශබන්දු තෙන්නකෝන්ට එරෙහි විමර්ශන කටයුතු සඳහා පත් කළ කමිටුවට සහාය වීමට නිලධාරීන් 04 දෙනෙකුගෙන් යුත් පොලිස් විමර්ශන කණ්ඩායමක් පත්කළ බව පොලිසිය දැනුම් දෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරීවරයෙක් ඇතුළු නිලධාරීන් සිව්දෙනෙක් මෙලෙස පත්කර ඇති බවයි වාර්තා වුණේ.
වැඩ තහනමකට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සිය ධුරයේ බලතල බරපතල අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත් කළ පරීක්ෂණ කමිටුවේ විමර්ශනවලට සහය වීමට පොලිස් විමර්ශන කණ්ඩායමක් නම්කර එවන ලෙස වැඩබලන පොලිස්පතිවරයාට එම කමිටුව පසුගියදා දැනුම් දෙනු ලැබුවා.
ඒ, අදාළ කමිටුව පෙරේදා (25) දිනයේ පාර්ලිමේන්තුවේදී දෙවැනි වරට රැස් වූ අවස්ථාවේදීයි.
මේ අතර ඉදිරි කටයුතු සම්බන්ධව තීරණ ගැනීම සඳහා මෙම විමර්ශන කමිටුව හෙට (28) දින නැවත රැස්වීමට නියමිතව තිබෙනවා.





