Empty Ad
AFC Banner
Empty Ad

දේශබන්දුගේ නිශ්චල හා චංචල දේපොළ තහනම් වෙයි? (වීඩියෝ)

මේ වනවිට වරෙන්තු නිකුත් ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් නීතිය හමුවට ඉදිරිපත් නොවීම හේතුවෙන් අපරාධ නඩු විධාන සංග්‍රහයේ වගන්ති අංක 60,61 සහ 62 ප්‍රකාර ව කටයුතු කිරීමට සූදානම් බව නියෝජ්‍ය මහජන ආරක්ෂක අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා පවසනවා.

මෙම නීතිය අපරාධ නඩු විධාන සංග්‍රහය කෘතියේ අන්තර්ගත ව තිබුණ ද ක්‍රියාත්මක නොවුණු බවත්, එය දේශබන්දු තෙන්නකෝන්ගෙන් ම පළමු ව ආරම්භ කළ හැකි බවයි නියෝජ්‍ය මහජන ආරක්ෂක අමාත්‍යවරයා අද (09) පැවති මාධ්‍ය හමුවක දී පැවසුවේ.

ඒ අනුව අතුරුදන් ව සිටින දේශබන්දු තෙන්නකෝන් මහතා සතු නිශ්චල සහ චංචල දේපොළ සියල්ල ම රජය විසින් තහනම් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ද සුනිල් වටගල මහතා වැඩිදුරටත් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?