දේශපාලනික සුනාමිය ඉවරයි – ඊළඟට එන්නේ රාජ්‍ය සේවයේ සුනාමිය (වීඩියෝ)

මින් ඉදිරියට රට තුළ සුනාමියක් එන්නේ ස්ථිර වශයෙන් ම රාජ්‍ය සේවයට බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසනවා.

අද (27) පැවති ගොවි සංවර්ධන නිලධාරී සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

මෙරට ජනතාව විසින් අදූරදර්ශී දේශපාලනය ඉවත් කරලීමට අවශ්‍ය කරන දේශපාලනික සුනාමි මැතිවරණය මගින් ලබා දුන් බවත්; රාජ්‍ය සේවයේ පවතින දෝෂ හේතුවෙන් ඉදිරියේ දී රාජ්‍යය සේවයට එරෙහිව සුනාමියක් ඒමේ ප්‍රවණතාව ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී මතක් කර සිටියා.

එබැවින් ජනතා අපේක්ෂාවන් සාර්ථක ව කඩිනමින් අවසන් කරදිය හැකි රාජ්‍ය සේවයක් අවශ්‍ය බැවින් එය ඉටු කිරීමට කැපවීමෙන් වැඩ කරන රාජ්‍ය සේවකයින්ට රජයේ ගෞරවය සහ සහාය හිමිවන බවයි හෙතෙම පැවසුවේ.

එසේ නොමැති වුවහොත් වැඩ කරන ජනතාව වෙනුවෙන් ඡන්දය දුන්නා යැයි නො සලකා ම රාජ්‍ය සේවය අවශ්‍ය පරිදි සේවා සැපයිය හැකි ස්ථානයක් කරලීමට අවශ්‍ය ඕනෑම උත්සාහයක් ගන්නා බව ද අමාත්‍යවරයා මෙහිදී මතක් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
5
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගුරුවරුන් කුපිත වී මහ පාරට බහියි..හිඟන දීමනාවත් එක්ක විභාග දෙපාර්තමේන්තුව වහන්න වෙන්නේ
05:04
Video thumbnail
ලැජ්ජා වෙන්න ඕනේ කයිවාරුකාරයෝ - අජිත්ට නහුතෙටම තදවෙයි
04:48
Video thumbnail
සහල් ආනයනය ගැන ප්‍රබල හෙළිදරව්වක්..මේක බරපතළ කොල්ලකාරි ආනයනයක්
05:50
Video thumbnail
මේ බූරු කුට්ටමේ ඔක්කෝම ජෝකර්ලා - ගොන් ආතල් දෙන්න එපා
12:39
Video thumbnail
මහින්ද රාජපක්ෂගේ නාමය බොරු චෝදනාවලින් නිදහස් කරන්න
13:08
Video thumbnail
JVP එකේ පැවැත්ම රැදිලා තියෙන්නේ අල්ලස් මත..දිවි අහිමිවූ තරුණයෝ අද හිටියනම් මාලිමාවට එරෙහිව නැගිටිනවා
06:49
Video thumbnail
ජනාධිපතිතුමාගේ කතාවෙන් සජිත්ට තදවෙයි
18:10
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි..කථානායක වරදක් කරලා..කවුද මේකට වග කියන්නේ?
01:40
Video thumbnail
ඩීසල් ලීටරයකට රු.100 දක්වා සහ පෙට්‍රල් ලීටරයකට රු. 20 දක්වා සහනයක්
03:35
Video thumbnail
ගල් අඟුරු හොඳයි ද නැද්ද කියලා මම කාලා බලන්නේ නෑ
15:57