Empty Ad
AFC Banner
AFC Banner

දේශපාලනඥයින් 45 දෙනෙකුට දුන් 10 වසරක සිරදඬුවම ජාත්‍යන්තරයේ විවේචනයට

හොංකොං රජයේ විපක්ෂයේ දේශපාලනඥයින් 45 දෙනෙකුට දුන් දැඩි දඬුවම් මේ වනවිට දැඩි විවේචනයට ලක් ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ නගරයේ ජාතික ආරක්ෂක නීතිය යටතේ “රාජ්‍ය බලය යටපත් කිරීමට කුමන්ත්‍රණය කිරීම” සම්බන්ධයෙන් වරදකරුවන් වූ හොංකොං විපක්ෂ දේශපාලනඥයින් 45 දෙනෙකුට සිර දඬුවම් නියම කිරීම ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය විසින් හෙළා දැක ඇති බවයි.

මෙම දේශපාලනඥයින්ට දස වසර බැගින් වූ සිර දඬුවම් නියම කිරීමට එරෙහිව මානව හිමිකම් සංවිධානවල දැඩි විවේචනයක් එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ අධ්‍යක්ෂ සාරා බෲක්ස් ප්‍රකාශ කළේ, “මෙම දේශපාලන අභිප්‍රේරිත නඩුවේ වරදකරු වූ කිසිවෙක් සිරගෙදර දවසක් හෝ ගත නොකළ යුතුය..” යන්නයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?