කළුතර ප්‍රදේශයේ දේවස්ථානයක පියතුමෙකුට අයිති අමෙරිකන් ඩොලර්, ස්ටර්ලිං පවුම්, යූරෝ සහ කැනේඩියානු ඩොලර් ඇතුළු විදෙස් රටවල මුදල් සමගින් රුපියල් ලක්ෂ 35කට ආසන්න මුදලක් සොරකම් කර ඇති බවට ලද පැමිණිල්ලක් මත කළුතර දකුණ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ එම දේවස්ථානයේ පියතුමා විසින් අද (04) උදෑසන පොලිස් ස්ථානයට පැමිණ පැමිණිල්ලක් සිදු කරන ලද බවයි.
පියතුමාගේ කාමරයේ සහ අල්මාරියක තිබූ මුදල් මෙසේ සොරකම් කර ඇති බවට පැමිණිල්ලේ සටහන්ව ඇති බව පොලිසිය පවසනවා.
සැකකරුවන් ඊයේ දහවල් දේවස්ථානයේ ශාලාවක දොර කිසියම් ආයුධයක් උපයෝගී කරගනිමින් කඩා එතුමා නවාතැන් ගෙන සිටින කාමරයේ ද දොර කඩා ඇතුළුව ඇති බවට සිදුකළ මූලික පරීක්ෂණවල දී හෙළි ව තිබෙනවා.
ආරක්ෂක කැමරා උපයෝගී කරගනිමින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කරන බවයි වාර්තා වන්නේ.