දේවස්ථානයක තිබී හමු වූ බෝම්බ සිද්ධියේ අලුත්ම හෙළිදරව්ව

බොරැල්ල සියලු ශාන්තුවරයන්ගේ දේවස්ථානයේ තිබී අත්බෝම්බයක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනාගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කර තිබේ.
පොලීසිය සඳහන් කළේ, සැකකරුවන් කොළඹ අපරාධ පරීක්ෂණ කොට්ඨාසය භාරයේ මේ වනවිට රඳවා සිටින බවයි.

බොරැල්ල සියලු ශාන්තුවරයන්ගේ දේවස්ථානයේ ගොඩනැගිල්ල තුළ තිබී ඊයේ පස්වරු 4.45ට පමණ අත්බෝම්බයක් සොයා ගැනිණ.

ඒ දේවස්ථාන ගොඩනැගිල්ල තුළට පිවිසෙන ප්‍රධාන දොරේ දකුණ පසට වන්නට ඇති සුරුවම අසල තිබීයදී ය.

දේවස්ථානයට පැමිණි අයෙකු මෙය දැක පියතුමන් දැනුවත් කර ඇති බව අප වාර්තාකරු සඳහන් කළේ ය.

අනතුරුව පොලීසිය, විශේෂ කාර්ය බලකාය හා බෝම්බ නිශ්ක්‍රීය අංශය මෙම ස්ථානයට කැඳවා තිබිණ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට අත්අඩංගුවට ගත් අසැකකරුවන් 3 අතර බෝම්බය එම ස්ථානයේ තැබීමට සම්බන්ධ වූ ප්‍රධාන සැකකරු ද වන බවයි.

දේවස්ථානයේ කටයුතු සඳහා සිටි පිරිසක් ද පොලීසිය ප්‍රශ්න කිරීම සඳහා රැගෙන ගිය බව අප වාර්තාකරු පැවසී ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?